Local

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

Wednesday, 24 May 2023 - 12:26 pm

(චන්දන පෙරේරා- ගල්පාත)

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවක් පදවාගෙන යමින් සිටි යතුරුපැදියක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරුපැදිය පැදවූ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගිය කාන්තාව සමග යතුරුපැදියේ ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙක් තුවාල ලබා ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ බටුවිට කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පවිත්‍රා කුමාරි නැමති 36 හැවිරිදි කාන්තාවකි.

අනතුරින් මියගිය කාන්තාව සිය 13 හැවිරිදි  පුතු සහ පුතාගේ මිතුරෙකු යතුරුපැදියෙන්‍ අමතර පන්තියක් කරා රැගෙන යාම සඳහා ගෝනපොල බටුවිට ප්‍රදේශයේ සිට කුලුපන දෙසට යෑමේ දි ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුර සිදුව තිබුණි.

අනතුර සිදු වූ ස්ථානයේ දී ම හිසට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් කාන්තාව මියගොස් තිබූ අතර අනතුරින් යතුරු පැදියේ පිටුපස ගමන්ගත් කුඩා දරු දෙදෙනා බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී ඒ මොහොතේම කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

ත්‍රීරෝද රථ රියදුරු සහ එහි පිටුපස ගමන්ගත් පුද්ගලයා සුළු තුවාල ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

මියගිය කාන්තාවගේ හිසට සහ දරු දෙදෙනාගේ මුහුණට අනතුරින් බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ධර්මවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක චතුරංග  විජේසිංහ සහ සැරයන් රත්නවීර (32274) යන මහත්වරුන් පරීක්ෂණ පවත්වති.


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT