Local

අලි සබ්‍රි රහීම්ට මන්ත්‍රිකමෙන් ඉල්ලා අස් වෙන්න කියයි

Friday, 26 May 2023 - 5:11 pm

රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් විශාල කැළලක් සහ අපකීර්තියක් ඇතිවූ හෙයින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැටියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය ගන්නැයි පක්ෂ නායකයෝ රැසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ද (26) පෙරවරුවේ ඉල්ලීමක් කළහ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ඊයේ පැවැත්වුණේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

නියෝජ්‍ය කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කරනු ලැබූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ සහ සී බී රත්නායක යන මහත්වරුන් විසිනි.

මෙහිදී අදහස් දක්වා ඇති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකයන් මතු කරන මේ ප්‍රශ්නය කතානායකවරයාට වහාම යොමු කර අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ අනුව නියෝජ්‍ය කතානායකවරයා සහ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් කතානායකවරයා සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනු ඇත.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට හැකි නීති ප්‍රතිපාදන සම්බන්ධයෙන් විමසීමටද මෙහිදී තීරණය කර ඇතැයි වාර්තා වේ.(Lankadeepa)


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT