පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
2022 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,680,074 ක් වූ අතර, මෙම වසරේ දෙවැනි කාර්තුවේදී එය රුපියල් මිලියන 2,597,441 ක් දක්වා අඩුවී ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.
මෙම කාර්තුව තුළ කෘෂිකර්ම කටයුතු 3.6% කින් ප්‍රසාරණය වී ඇති අතර කාර්මික කටයුතු 11.5% කින් හා සේවා කටයුතු 0.8% කින් හැකිළී ඇති බවද, ඉහළ පොලී අනුපාත හේතුවෙන් කෙටි කාලීන සහ දිගුකාලීන ආයෝජන මත ඇති වූ පීඩන ඊට බලපා ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
සාමාන්‍ය ජනතාවගේ සැබෑ ආදායම අඩුවීම තුළින් ඇති වන පීඩනය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන රටාව ප්‍රධාන වශයෙන් පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයට පමණක් සීමා වී ඇති බව නිරීක්ෂණය වන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.