Business

විශිෂ්ටම පරිසර හිතකාමි ව්‍යාපාරය ලෙස දේශක්ති ඊ සොලූෂන්ස් BWIO සම්මාන දිනයි

Saturday, 01 April 2023 - 8:01 pm

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණ සමාගමක් වන දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම Business World Inte ational Organization සංවිධානය කළ Business World Inte ational සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පරිසර හිතකාමි ව්‍යාපාරය ලෙස BWIO සම්මානයෙන් පිදුම් ලැබීය. දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම ඉවත ලන පොලිතීන් ප්‍රතිචක්‍රියකරණය කර නිෂ්පාදන රැසක් සිදු කරයි. 2007දී ප්ලාස්ටික්, පොලිතීන්, කඩදාසි සහ කාඩ්බෝඩ් වැනි ඉවත ලන අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රියකරණ සමාගම්වලට අලෙවි කරමින් ඇරැඹූ දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම වර්තමානයේදී මෙරට කර්මාන්තශාලාවලින් ඉවත ලන පොලිතීන් ප්‍රතිචක්‍රියකරණය කරමින් නිමි භාණ්ඩ නිපදවමින් පරිසරය සුරැකීමට ප්‍රමුඛ දායකත්වයක් සපයයි. ගාබේජ් බෑග්, ටියුලිප් බෑග්, පැල හිටවන බෑග්, ෂොපින් බෑග්, අඟලේ සිට අඟල් 48 දක්වා සියලුම පොලිතින් නිෂ්පාදන ඔවුන්ගේ නිෂ්පාදන වපසරියට අයත්ය.

දංකොටුවේ පිහිටි පැය 24 පුරා ක්‍රියාත්මක දේශක්ති ඊ සොලූෂන්ස් කර්මාන්තශාලාවේ ප්‍රතිචක්‍රියකරණය කරන ලද පොලිතින් කිලෝග්රෑම් 3000ක් දිනකට නිපදවන අතර එහි සේවක සේවිකාවෝ 75කට වැඩි ප්‍රමාණයක් සේවය කරති. ඔවුන්ගේ මෙම ප්‍රතිචක්‍රියකරණ ක්‍රියාවලිය හරහා පොලිතීන් නිෂ්පාදන මෙරටට ආනයනයට වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි වේ. මෙරට අපනයන සමාගම්වලට සිය නිෂ්පාදන සැපයීම හරහා වක්‍ර අපනයනයටද දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම දායක වේ. “අසීරුතා හා අභියෝග රැසක් මැද මෙම ව්‍යාපාරය නිර්මාණය වුණේම ඒ තුළ ව්‍යවසායකත්ව අවස්ථා මතු කර ගත් නිසා. ප්‍රථමයෙන් ඉවත ලන අපද්‍රව්‍ය එකතු කර අලෙවි කළ අප ආයතනය ඉන්පසුව චීනයෙන් යන්ත්‍ර ආනයනය කර ප්‍රතිචක්‍රියකරණ සහ නිෂ්පාදන කටයුතු ඇරඹුවා. මෙම ජයග්‍රහණය ලැබීමට දායක වූ කාර්ය මණ්ඩලයට මෙන්ම අප කෙරෙහි විශ්වාසය තැබූ සැපයුම්කරුවන් සියලු දෙනාට සහ දංකොටුව මහජන බැංකු ශාකාවට මාගේ කෘතවේදිත්වය පිරිනමනවා.” දේශක්ති ඊ සොලූෂන්ස් හිමිකරු ලසන්ත සම්පත් සිල්වා මහතා පැවසීය.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT