Business

මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා CIPM විසින් පවත්වන ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023 ජූනි මස 21 හා 22

Tuesday, 09 May 2023 - 12:24 pm


මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (Chartered Institute of Personnel Management Sri Lanka - CIPM Sri Lanka) විසින් සංවිධානය කරනු ලබන 'ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023' එළඹෙන ජූනි මස 21 හා 22 යන දෙදින , ශ්‍රී ජයවර්ධනපුර , මොනාර්ක් ඉම්පීරියල්හීදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

'Navigating Dire Straits' හෙවත් 'දරුණු දුෂ්කරතාවන් මැද සැරිසැරීම' යන තේමාව යටතේ මෙවර මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.  

ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණ ක්‍ෂේත්‍රයේ ප්‍රධානතම හා වැදගත්ම ඉසව්වක් ලෙස වාර්ෂිකව පැවැත්වෙමින් ආ මෙම සම්මන්ත්‍රණය, පසුගිය වසර තුන පැවැත්වීමට නොහැකිවූයේ කොව්ඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේ වෙතත් එම විරාමයෙන් අනතුරුව , නැවත වරක් පෙර පරිදිම ,මෙරට මානව සම්පත් වෘත්තිකයන්ට, ක්ෂේත්‍රයේ සෙසු පාර්ශවකරුවන්ට හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්හට අසමසමවූ අවබෝධයක්, දැනුමක් සහ අත්දැකීමක් ලබාදෙන අයුරින්, 'ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023' අති සාර්ථකව පැවැත්වීමට CIPM ආයතනය අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.

ඒ. බවර් සමාගමේ (A. Baur & Co. (Pvt) Ltd) කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක රෝල්ෆ් බ්ලෙසර් (Rolf Blaser) මහතා මෙවර මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන දේශක ලෙස එක්වෙනු ඇති අතර , මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රමුඛයින් රැසක්ම , සෙසු සම්පත් දායකයින් ලෙස මෙම සම්මන්ත්‍රණයට සහභාගිවීමට නියමිතය .

Pick Me සමාගම , Nippon Paint Lanka පුද්ගලික සමාගම , hSenid Business Solutions, සහ IDM කොළඹ ශාඛාව මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරන අතර , HNB PLCසහ Dole Lanka සමාගම මෙහි සම අනුග්‍රාහකත්වය දරයි .
මෙම 'ජාතික මානව සම්පත් කළමනාකරණ සම්මන්ත්‍රණය 2023', ප්‍රධාන සම්මන්ත්‍රණයකින්,තාක්ෂණික සැසිවාරයන්ගෙන්, මානව සම්පත් පිලිබඳ විවාදයකින් (Great HR Debate) , ජාතික මානව සම්පත් ප්‍රදර්ශණයකින් හා CIPM රන් සම්මාන ප්‍රදානෝත්සවයකින් සමන්විතවේ.

සම්මන්ත්‍රණයේ තාක්ෂණික සැසිවාරයන් පහත සඳහන් මාතෘකාවන් මූලික කරගනිමින් පැවැත්වෙනු ඇත.
තාක්‍ෂණික සැසිවාරය (01) දුෂ්කර කාලවලදී ව්‍යාපාරයන් පවත්වාගෙන යාමට , පිරිස් කළමනාකරණය සහයවන අයුරු .තාක්ෂනික සැසිවාරය (02) - මහජනතාවගේ ක්‍රියාකාරකම් සඳහා ආර්ථික පසුබෑමේ බලපෑම
තාක්‍ෂණික සැසිවාරය (03) - බුද්ධි ගලනය , සමාජ ආර්ථික සංවර්ධනයට සිදුකරන බලපෑම.
තාක්‍ෂණික සැසිවාරය (04) - කොවිඩ් වසංගතයෙන් මහජනතාව හා වෘත්තිකයින් උගත යුතු පාඩම්.
තාක්‍ෂණික සැසිවාරය (05)- තිරසාර පුද්ගල ක්‍රියාකාරකම් හා හරිත මුලපිරීම් (Green Initiatives)
තාක්‍ෂණික සැසිවාරය (06) - සේවක ආධාර වැඩසටහන් (EAPs) - ආර්ථික අර්බුදයකදී අත්‍යවශ්‍ය මෙවලමක්ද?

මෙම සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගිය 27දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් CIPM ආයතනයේ සභාපති කෙන් විජයකුමාර් මහතා පැවසුවේ මෙවැන්නකි,
' වර්තමානයේදී මෙරට සමාගම් , ආයතන , මුහුණදෙන ප්‍රධානතම ගැටළු හා බාධක සඳහා , නවතම හා විධිමත් පිරිස් කළමනාකරණ ක්‍රමවේද හරහා විසදුම් හඳුන්වාදීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධානම අරමුනයි . බුද්ධි ගලනය , මේ වනවිට මෙරට සමාගම් රැසක්ම මුහුණදෙන ප්‍රධානම ගැටළුවක් වෙලා , විශේෂයෙන්ම මෙවැනි ගැටළු සඳහා , පිරිස් කළමනාකරණ ක්‍රම වේද තුලින් විසදුම් සොයාගැනීමට අප මෙහිදී පියවර ගන්නවා . එපමණක් නොවේ , ඵලදායීතාවය වර්ධනය කරලීම පිළිබඳව මෙන්ම පුද්ගල මූලික ගැටළු පිළිබඳවද මෙම සම්මන්ත්‍රණයේදී පුළුල්ව සාකච්ජා කිරීමට නියමිතයි.

2023 ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණ කමිටු සභාපති ප්‍රියංකර සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසුවේ මෙම සම්මන්ත්‍රණයට සහභාගිවන සියලු දෙනාටම ක්‍ෂේත්‍රය පිලිබඳ ඉතා පොහොසත් හා සුවිශේෂී අත්දැකීමක් ලැබෙනු ඇති බවයි . එසේම මේ හරහා ඔවුන්ට ක්ෂේත්‍රය පිලිබඳ නව දැනුම ලබාගැනීමටත් ,ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීනයින් හා සමකාලීනයින් සමග ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇති බවද ඒ මහතා පැවසීය .
බුද්ධිමය සංවාද , තාක්‍ෂණික දැනුම ලබාදෙන සැසිවාර , හා දේශනවලින් සමන්විත මෙම ජාතික සම්මන්ත්‍රණය, ක්ෂේත්‍රයේ සියලුදෙනාටම, මග නොහැරිය යුතු සුවිශේෂී අවස්තාවක් හා ආයෝජනයක් වනු නොඅනුමාන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සම්මන්ත්‍රණයට අදාළ අය කිරීම් පිලිබඳ විස්තරය පහත දැක්වේ.
CIPM සිසු සිසුවියන් සඳහා – රු. 17,000
CIPM සාමාජිකයින් සඳහා – රු. 20,000
සාමාජිකයින් නොවන්නන් සඳහා – රු 23,000
විදේශිකයින් සඳහා – ඇමෙරිකානු ඩොලර් 200




Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT