Entertainment

සරාගී වෙන්න ඇඟ පෙන්නන්න ඕන නැහැ

Saturday, 01 April 2023 - 1:18 pm

ඉතාලියේ ජීවත්වන අතරතුර ලංකාවේ කලා ක්ෂේත්‍රයේ කටයුතුකරන රංගන ශිල්පිනියක් තමයි තුෂිනි ප්‍රනාන්දු කියලා කියන්නෙ. ඉතින් ඇයගේ අලුත්ම විස්තර දැනගන්න අපි හිතුවා තුෂිනි එක්ක කතා කරන්න.

 

පහුගිය දවස්වල ලංකාවේද හිටියෙ?

 

ඔව්. පහුගිය කාලෙ නිවාඩුවට ලංකාවට ආවා. දැන් ආපහු ඉතාලියට ඇවිත් ඉන්නෙ.

 

ඉතාලියේ හිටියට රඟපාපු නිර්මාණ නිතරම ලංකාවේ අයට බලන්න පුළුවන් නේද?

 

ඔව්. මම රංගනයෙන් දායක වුණ තුන්පනේ ටෙලි නාට්‍යය විකාශය වුණා. ඒ වගේම ගේම් චිත්‍රපටයත් පහුගිය කාලේ ඉතාමත් සාර්ථකව තිරගත වුණා.

 

ලංකාවෙ පදිංචිවෙලා ස්ථීරවම කලා ක්ෂේත්‍රයේ වැඩ කරන්න කැමති නැද්ද?

 

ලංකාවෙ පදිංචියට ඇවිත් කලා කටයුතුවල නිරත වෙන්න නම් මගේ අදහසක් නැහැ. මේ වෙද්දි මම ඉතාලියේ රැකියාවක් කරනවා. ඒ රැකියාව කරන අතරතුර නිවාඩු ලැබුණාම ලංකාවට ඇවිත් රංගන කටයතු කරන්න තමයි මගේ කැමැත්ත තියෙන්නෙ. ලංකාවේ ඉන්න බැරි නිසා මෙගා ටෙලි නාට්‍යයවලට වඩා කොටස් ප්‍රමාණය අඩු ටෙලි නාට්‍ය තමයි මම වැඩිපුර බාරගන්නෙ.

ඉතාලියේ මොනවද කරන්නෙ?

 

ඉතාලියේ හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවක් මම කරන්නෙ.

 

නිදහස අතින් ඉතාලිය ලංකාවට වඩා හොඳ ද?

 

ඔව්. සමාජ සංස්කෘතික අතින් ගත්තත්, විලාසිතා, කෑමබීම අතින් ගත්තත් ඉතාලිය කියන්නෙ කියන්නෙ නිදහස උපරිමයෙන්ම තියන ලෝකෙ හොඳම රටක්. ඒ නිදහස අයුතු විදිහට භුක්ති විඳිනවද නැත්නම් තමන්ට වැඩදායී විදිහට භුක්ති විඳිනවද කියලා තමන් දැනගන්න ඕන.

 

ඉතාලිවල night life එක මොන වගේද?

 

මෙහෙ රාත්‍රි සමාජශාලා තියනවා, සති අන්ත රාත්‍රිවල විවිධ සාද, සතුටුවෙන්න පුළුවන් විදිහෙ විවිධ උත්සව වැඩසටහන් තියනවා. හැබැයි රැකියාවේ කටයුතුත් එක්ක මට රෑට එළියට යන්න කාලයක් නැහැ. අම්මයි තාත්තයි මට අවසර දීලා තියනවා ඒ දේවල්වලට සහභාගි වෙන්න. හැබැයි රැකියාවේ කටයුතු එක්ක කාර්ය බහුල වෙලා ඉන්න නිසා මට ඒ දේවල්වලට වෙලාවක් නැහැ.

 

ලස්සනට ඉන්නෙ කොහොමද?

 

ලස්සන වෙන්න කියලා මම කිසිම කෘතිම දෙයක් කරන්නෙ නැහැ. පෝෂ්‍ය පදාර්ථ ලැබෙන විදිහෙ ආහාර ගන්නවා. හොඳට වතුර බොනවා. සතියට දවස් හයක් විතර ජිම් ගිහින් ව්‍යායාම කරනවා. ගෙදර ඉන්න වෙලාවට යෝගා ව්‍යායාමවලත් යෙදෙනවා. කාටවත් වෛර කරන්නෙ නැතුව සතුටෙන් ඉන්නවා. ⁣මේ දේවල් තමයි මම ලස්සන වෙන්න කරන්නෙ.

පුළුල් හැඩයේ උකුළක් තියෙන්නෙ නිතර ව්‍යායාම කරන නිසාද?

 

නැහැ. මම ජිම් යන්න පටන ගත්තෙ රංගන ක්ෂේත්‍රයට ආවට පස්සෙ. ඊට කලින් ජිම් එකකට ගිහින් ව්‍යායාමවත් පිට්ටනියක නිකන් දුවලවත් නැහැ. පුළුල් හැඩයේ උකුළක් මට තියන එකට මම ස්තුතිවන්ත වෙන්න ඕන මගේ දෙමව්පියන්ට. ස්වභාවිකව ලේ උරුමයෙන් මට හම්බවුණ දෙයක් ඒක.

 

පුළුල් උකුලක් තිබීම ආභරණයක් විදිහට දකිනවද?

 

බාහිර සිරුරේ ලස්සන මම කරලා තියන පිනකට ලැබුණ දෙයක්. ඒ ගැන මගේ දෙමව්පියන්ටත්, විශ්වයටත් ස්තුතිවන්ත වෙනවා. නමුත් මම අාභරණ විදිහට දකින්නෙ අපේ බාහිර සිරුර නෙමෙයි. අපි හොඳ විදිහට ගොඩනගාගන්න ආකල්ප, අාචාර ධර්ම, මනුස්සයෙක්ට ගරුකරන ආකාරය වගේ දෙවල් තමයි මම ආභරණ විදිහට දකින්නෙ.

 

ඉතාලියේදි කරන ඇඳුම් විලාසිතා මොනවද?

 

මෙහේ කාලෙන් කාලෙට වෙනස් විදිහෙ විලාසිතා කරන්නෙ. සෘතු අනුව අපි කරන විලාසිතා වෙනස් කරන්න වෙනවා. සීත සෘතුවේදී නම් සීතලට ඔරොත්තු දෙන විලාසිතා කරනවා. ග්‍රීස්ම සෘතුවේදී ඇඟට සිසිලසක් දැනෙන විලාසිතා කරනවා.

 

විලාසිතා කරනකොට සරාගීකම ගැන සැලකිලිමත් වෙනවද?

 

සරාගීකම කියන්නෙ ඇඟ පෙන්නන එක නෙමෙයි කියලයි මම හිතන්නෙ. අවුරුදු දහ අටේදි විස්සෙදි විතර මමත් හිතුවා කොටට ඇන්දාම සරාගී කියලා. නමුත් වයසින් මුහුකුරා ගිහින් ජීවිතය ගැන අත්දැකීම් ලැබෙද්දි සරාගී වෙන්න ඇඟ පෙන්නන්න අවශ්‍ය නැහැ කියලා මට තේරුණා. දැන් කවුරුහරි ඇඟ පේන විදිහෙ විලාසිතා කරද්දි මට හිතෙන්නෙ ඒක හරි අශෝභන කැත දෙයක් කියලා. ඇඟ වැහෙන වැදගත් විදිහෙ විලාසිතාවලින් සරාගීකම පෙන්වන්න පුළුවන්. මම හිතන්නෙ ගෑනු ළමයෙක්ට ගැළපෙන්නෙ වැදගත් විදිහෙ විලාසිතා කියලා. ඒ විදිහෙ වැදගත් විලාසිතාවල හොඳ ලස්සනක් තියනවා වගේම තමන්ගෙ ප්‍රතිරූපය අනිත් අය අතරෙ ගෞරවයක් ලැබෙනවා.

 

ඉතාලියේ පෙම්වතෙක් එහෙම ඇති නේද?

 

නැහැ, මම තාම තනිකඩයි.

 

රට හිටියට ලංකාවේ නිර්මාණවලින් ආරාධනා එනවා ඇති නේද?

 

ඔව්. ටෙලි නාට්‍ය කිහිපයකින් ආරාධනා ලැබිලා තියනවා. ඊට අමතරව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වී. සිවදාසන් මහතා නිර්මාණය කරපු දෙවෙනි යුද්ධය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට මම පහුගිය කාලෙ රංගනයෙන් සම්බන්ධ වුණා. ඉදිරියේදි ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වෙයි.

 


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT