International

මාස පහකට පසු කොවිඩ් යළි ඉහළට

Saturday, 01 April 2023 - 1:12 pm

මාස පහකට පසු ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය 25 වැනි දින වාර්තා වී තිබේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට එදින කොවිඩ් ආසාදිතයන් 1,890ක් වාර්තා වී තිබිණි.

 

මෙය පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවය.

 

ඔක්තෝබර් 28 වැනි දින ආසාදිතයන් 2,208ක් වාර්තා වී තිබිණි. 25 වැනි දින කොවිඩ් ආශ්‍රිත මරණ 7ක්ද වාර්තා වී තිබේ.

 

ඒ මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ කේරළ යන ප්‍රාන්තවලිනි. කෙසේ නමුත්, ඉන්දියාව තුළ කොවිඩ් රෝගයෙන් සුවය ලැබීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 98.79ක ඉහළ අගයක් ගනියි.

 

පසුගිය දින කිහිපය පුරාම 1,000කට වැඩි දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම සෞඛ්‍ය අංශවල අවධානයට ලක්ව තිබේ.

 

ඉදිරියේදී තත්ත්වය වඩාත් බරපතල විය හැකිද යන සැකයද ඔවුන් තුළ ඇතිව තිබෙනු පෙනේ.

 

XBB.1.16 නැමැති කොවිඩ් වයිරස ප්‍රභේදය මෙම තත්ත්වයට හේතුවක් විය හැකි බව විශේෂඥයන්ගේ අදහසය.

 

කෙසේ නමුත් නිසි ආරක්‍ෂක පියවර ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා අගමැති නරේන්‍ද්‍ර මෝදි හදිසි සාකච්ඡාවක්ද කැඳවා තිබිණි.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT