ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයකයෙදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූ රාජ්‍ය සම්මාන උළෙලකට සහභාගී වීමෙන් පසු පුද්ගලයින් 13 දෙනෙකු අධික රශ්මිය නිසා මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. උත්සවය පැවති නගරය වන 'නවී මුම්බායි' හි පුද්ගලයින් 50 ත් 60 ත් අතර සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති බව පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.
බොහෝ දෙනෙක් තම ගම් ප්‍රදේශවලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බැවින්, උත්සවයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් බලපෑමට ලක් වූවන්ගේ මුළු සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි යැයි විශ්වාස කෙරේ.
පොලිසිය CNN වෙත පැවසුවේ ප්‍රාන්ත රජය විසින් පිරිනමන සිවිල් සම්මානයක් වන මහාරාෂ්ට්‍ර භූෂන් සම්මානය පිරිනැමීමේ උත්සවය නැරඹීම සදහා මිලියනයකට අධික පිරිසක් පැමිණ සිටි බවයි.
ප්‍රාන්ත රජය විසින් මියගිය අයගේ පවුල්වලට ඉන්දීය රුපියල් 500,000 (ඩොලර් 6,095) වන්දි මුදලක් ලබා දෙන අතර ප්‍රතිකාර ලබන අයගේ වෛද්‍ය වියදම් ආවරණය කරන බව මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය එක්නාත් ෂින්ඩේගේ කාර්යාලයෙන් ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උත්සවයෙන් පසුව සිදු වූ මරණ 'ඉතා වේදනාකාරී සහ අවාසනාවන්ත' ලෙස ෂින්ඩේ ප්‍රකාශයේ සඳහන් කළේය.