Local

Watch : උද්දික ප්‍රේමරත්න බලන්න පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු වැල නොකැඩී එයි

Monday, 18 September 2023 - 3:33 pm

වෙඩි ප්‍රහාරයකින් දිවි බේරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ සුවදුක් විමසීමට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා සජබ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා එම නිවසට පැමිණෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ CID බාරදී තිබේ.

උද්දික පේමරත්න මහතා ඊයේ රාත්‍රී 10.45ට පමණ අනුරාධපුර, ගුවන්තොටුපල මාර්ගයේ ඇති සිය නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබිණි.

මේ වන විට මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර CCTV දර්ශන සොයා ගැනීම පිළිබඳව ද පරීක්ෂණ  කණ්ඩායමේ අවධානය  යොමුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හා උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ සුවදුක් සොයා බැලීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හා සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් නායක රෝහන බණ්ඩාර මන්ත්‍රීවරයා එම  නිවසට පැමිණියහ.

(ඉන්දික රංගජිව - අනුරාධපුරය )


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT