Politics

"පාස්කු සිද්ධියෙන් පස්සේ ගෝඨාභය රටේ ජනාධිපති වෙන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය බදාගෙන"

Wednesday, 13 September 2023 - 5:33 pm

පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන බව ජාතික ජන බලවේගයේ පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

සුනිල් හදුන්නෙත්ති මහතා ඒ බැව් කියා සිටියේ (12) දින EPF/ETF ජනතා අරමුදල් මංකොල්ල කමින්, මුල්‍ය ආයතන අවධානමේ දමමින් , ජාතික සම්පත් වෙන්දේසි කරමින් , ජනතාවට තවදුරටත් අර්බුධයක ගිල්වා තබන ආණ්ඩුවේ සැලැස්ම යන මැයෙන් ගිනිගත්හේන සමුපකාර රැස්විම් ශාලාවේ පැවති සම්මන්ත්‍රණය අමතමණි.

මෙම සම්මන්ත්‍රණයේදි අදහස් දැක් වු සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේ නාමල් රාජපක්ෂයට ජනතාවගේ ප්‍රශ්න ගැටළුවක් නැ , සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නැ , පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ජාතික ජන බලවේගයේ තුන්දෙනාට ඇරෙන්න කාටවත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රශ්න නැ.

මෛත්‍රිපාල බලන්නකෝ රුපවාහිනියට ආවම දෙන ජොක්ස් , එයලගේ පක්ෂ ගැටළු ගැන තමයි කතා කරන්නේ , රටේ ආර්ථිකය , ආහාර ගැටළු , ඖෂධ ගැටළු ඒවා ගැන කතා කරන්නේ නැ.

මේ දවස් වල චැනල් ෆෝ එක ගෙනල්ලා අනිත් චැනල් වහලා , බඩු මිල චැනල් නැ , ඉන්ධන චැනල් නැ , බස් ගාස්තු චැනල් නැ , මිනිස්සුන්ගේ ගැටළු ගැන කතා කරන්නේ නැ , වෘත්තිකයෝ රට දලා යන එක ගැන කතා කරන්නේ නැ.

චැනල් ෆෝ අල්ලගෙන දේශපාලන වශයෙන් එල්ලෙනවා , නාමල් රාජපක්ෂලාට එහෙම ඒවට හොද පිලිතුරු තියෙනවා , ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්න කවුරු හරි මාරාගෙන මැරෙයිද අහනවා.

ඒ මැරුණ වුන් දන්නවා නම් වුන් මැරුණු එකෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ආවා කියලා , වුන් තනියම මැරෙන්නේ නැ මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බදාගෙන.

එහෙනම් රටට සෙතකුත් කරලා මැරෙන්නේ , ඒවා තමයි දේශපාලන උපක්‍රම කියන්නේ, දේශපාලන ගේම් , දේශපාලන ගේම් ගහලා පුරාජේරුත් කියනවා.

එහෙම ජරා රටක් දැන් මේක , බලයට එන්න ජාති භේද ඇති කරලා , මජර දේශපාලනය භාවිතා කරලා , අඩුතරමේ ඒවා ගැන කිසිම කණගාටුවක් නැ , ලැජ්ජාවක් නැ , හෘද සාක්ෂියක් නැ , ඒවා දිහා බලාගෙන හිනා වෙවි බලයේ ඉන්නවා අපුරුවට.

නවත්වන්න ඕනි නැද්ද මේ රට යන විදිහ , ඉස්සෙල්ලම මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනි යනුවෙන් පැවසිය.

මෙම සම්මන්ත්‍රණය ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිර මහතා විසින් සංවිධානය කර තිබු අතර, එම සම්මන්ත්‍රණයට ජාතික ජන බලවේගයේ මස්කෙලිය ආසනයේ සමාජිකයන් රැසක් සහභාගි විය.

(හැටන් රංජිත් රාජපක්ෂ)                      


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT