Tech

ජිවත් වෙලා මහන්සිද?

Friday, 19 May 2023 - 1:41 pm

(හංසලා කුමාරිහාමි)

ඕනෑම මනුෂ්‍යයෙකුට ජිවිතයේ එක වරක් හෝ කිහිප වරක් ජිවත් වීම පිළිබද යම්කිසි වූ කලකිරීමක් ඇති විය හැක. එකී කලකිරීම කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය මානසික වශයෙන් ඔහු හෝ ඇය ආතතියකට පත්වීමයි. මෙහිදී බාහිර පාර්ශවයක බලපෑමක් හෝ ස්වකීය ආත්ම කලකිරීමක් නිසා මානසික ආතතියකට පත් වීම සිදු විය හැකිය. සාපේක්ෂ වශයෙන් පුද්ගලයෙකු බොහෝ විට කලකිරීමට පත්වනුයේ බාහිර පාර්ශවයක හෝ බාහිර සමාජයක ගැටළු නිසා සිය ජීවිතය තුළ සිදු වන දරුණු කඩා වැටීම් හේතුවෙනි. මානසික ආතතියේ ප්‍රබලත්වය පුද්ගලයෙකුට සිය ජීවිතය පිලිබදව ඇති කරනු ලබන කලකිරීම වැඩි කරන අතරම එහි උච්චතම අවස්ථාවේදී ජිවිතයෙන් සමු ගැනීමට පොලඹවනු ලබයි. පසුගිය කාල වකවානුව දෙස නිරීක්ෂණය කිරීමේදී විවිධ වූ හේතුන් මත අවස්ථා කිහිපයකදීම ලාංකීය සමාජය තුළ විවධ වූ හේතුන් උදෙසා සිය ජිවිතය හැර ගිය පුද්ගලයන් පිලිබදව වාර්තා වීම් දක්නට ලැබුණි. සිය දිවි නසා ගැනීමක් යනු  පුද්ගලයෙකු සිය ජීවිතය හිතාමතාම නැති කරගැනීම ලෙස සරලව නිර්වචනය කල හැකිය.

පුද්ගලයෙකුට සිය ජීවිතය තුළ මුහුණ දීමට සිදු වන අපේක්ෂා භංගත්වය සියදිවි නසා ගැනීම කෙරෙහි යොමු වීමට හේතුවක් ලෙස සැලකිය හැකිය. ස්වකිය ජිවිතය පිලිබදව ඇති වන කලකිරීම, තමන්ට තමන් පිලිබදව වටිනාකම හා  ආත්ම ගරුත්වය නැති වීම, සමාජය තුලින් එල්ලවන බලපෑම් ආදිය නිසා ඇති වන මානසික ආතතිය සියදිවි නසා ගැනීම සදහා පොලඹවනු ලබයි. මානසික ආතතිය ඕනෑම මනුෂ්‍යයෙකුට අඩු වැඩි වශයෙන් පවතින තත්වයක් වුවද , දිගුකාලීනව  පවතින මානසික ආතතිය නිහඩ මාරයෙකු  ලෙස ක්‍රියා කරනු ලබයි. මිනිස් ශරීරයේ පවතින අධිවෘක්ක ග්‍රන්ථි වලින් නිපදවෙන කොටිසොල් හෝර්මෝනය ආතතිය ඇති කරන හොර්මොනයක් ලෙස ශ්‍රාවය වීම නිසා රුධිරයේ කොටිසොල් මට්ටම වැඩි කර මානසික ආතතිය උග්‍ර මට්ටමකට පත් කරනු ලබයි.  දිගුකාලීනව කෝටිසෝල් හෝමෝනය වැඩිවීමෙන් බුද්ධිය සම්බන්ධ මොළයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම සහ විෂාදය ඇතිවිය හැක. සියදිවි නසාගැනීම සඳහා එක් හේතුවක් ලෙස දිගුකාලීන මානසික ආතතිය හැඳින්විය හැක. පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය නැති කර ගැනීම සදහා බලපානු ලබන හේතු සාධක කිහිපයක් පවතී එනම් , ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම, විරැකියාව ල දුගී භාවයල ණය ගැති භාවයල විභාග අසමත් වීමල විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමල රැකියාවෙන් ඉවත් කිරීමල යම් යම් ඇබ්බැහි වීම් විලන් මිදීමට නොහැකිව ඇති වන කළ කිරීමල අපේක්ෂාවන් කඩ වීම යනාදිය වේ. ලාංකීය සමාජය තුළ බොහෝ විට සිය දිවි නසා ගැනීම සදහා බලපාන ප්‍රධාන සාධක අතර ප්‍රේම සබදතා බිද වැටීම , ආර්ථික අපහසුතා, විභාග අසමත් වීම් සහ අපේක්ෂා භංගත්වය පෙන්වා දිය හැකිය. එසේම ශිෂ්‍ය ප්‍රජාව වර්තමානය වන විට ඇබ්බැහි වී තිබෙන වීඩියෝ ගේම් සම්ප්‍රධාය ද , සිය දිවි නසා ගැනීම සදහා තවත් එක සධකයක් ලෙස සැලකිය හැකිය. ලාංකීය සමාජය තුළ පුද්ගලයෙකු තම ජීවිතය නැති කර ගැනීම සදහා යොදා ගනු ලබන විවිධ උපක්‍රම දැකිය හැකි අතර එහිදී ප්‍රධාන වශයෙන් වස පානය කිරීම,  ගෙල වැලලා ගැනීම , දුම්රියට පැනීම, ගඟේ මුහුදේ පැනීම, වෙඩි තබා ගැනීම, කැපීම් කර ගැනීම, සිරුරට ගිනි තබා ගැනීම, උස් ස්ථානයකින් පහලට පැනීම හෝ අධික මාත්‍රාවකින් ඖෂධ පානය කිරීම වැනි උපක්‍රම භාවිතා කරනු ලබයි.
නුතනයේ සමකාලින සමාජය තුළ බහුලව සාකච්චාවට බදුන් වන සිය දිවිනසා ගැනීම් සම්බන්ධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ වරින් වර වාර්තා වීම් දැකිය හැකිය.  යම්කිසි අවස්තාවක පුද්ගලයෙකුට දිගින් දිගටම මුහුණ දීමට සිදු වන විවධ වූ ගැටලුකාරී තත්වයන්ට හේතුව සිය ජිවිතයෙන් සමු ගැනීම නොව එකී ගැටළු වලට කෙසේ හෝ මුහුණ දී ජීවිතය සමග සටන් කිරීම බව කතිකාවට බදුන් කල යුතු කාලය එළැඹ ඇත. පසුගිය කාල පරිච්චේදය තුළ වාර්තා වුනු සියලුම සියදිවි නසා ගැනීම් සම්බන්ධ තොරතුරු දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණක් වනුයේ රටේ පවතින් ආර්ථික අස්ථාවරත්වය මේ සාධ්‍ය මුඛ්‍ය සාධකය වී ඇති බවයි. පුද්ගලයෙකුට සිය ජීවිකාව ගෙන යා හැකි අයුරින් රටේ ආර්ථිකය දියුණු නොවීම මත මුහුණ දීමට සිදුවන විරැකියාව, ණයගැතිභාවය, දුගීභාවය දරාගත නොහැකිවීම එකී සියදිවි නසා ගැනීම් සදහා බලාපා ඇති බව වැටහී යයි. මෙහි දරුණුතම ඛේදවාචකය වනුයේ මානසික ආතතියට පත් වන පුද්ගලයා සිය ජිවිතය පමණක් නොව තම දරුවන්ගේ හා පවුලේ උදවියගේ ද ජිවිත අහිමි කරමින් සිය දිවි නසා ගැනීම සදහා පෙළඹීම වේ. මෙවැනි අවස්ථා වාර්තා වූ විට ජනමාධ්‍ය ඔස්සේ එය ප්‍රමුක පුවත් ලෙස වාර්තා කිරීමද සියදිවි නසා ගත් අකාරය පිළිබද සියලු තොරතුරු ඉදිරිපත් කිරීමද මෙවැනිම මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයන් හට රුකුලක් විය හැකි බව සැගව ඇති කරුණකි. ජනමාධ්‍ය හරහා එම පුවත් වාර්තා කිරීමේදී යොදා ගනු ලබන ක්‍රම සියදිවි නසා ගැනීම කෙරෙහි උත්ප්‍රේරකයක් වනු ලබයි.
මෙවැනි සිදුවීම් වාර්තාකරණයේදී ජනමාධ්‍ය සිය මාධ්‍ය සාරධර්ම අනුගමනය කරමින් එම සිදුවීම් වාර්තා කිරීමට යොමු වේ නම් එය  සියදිවිනසා ගැනීමේ රැල්ලක් ඇති නොවීමට සිදු කරන සමාජ මෙහෙරවක් ලෙස සැලකිය හැකිය. 
මානසික ආතතිය නිසා ඇති වන සියදිවිනසා ගැනීමේ  සිතුවිලි පාලනයට  හෝ මෙම ගැටලුකාරී තත්වය විසදීමට සමාජයක් ලෙස රටක වගකීම් සහගත පුද්ගලයෙක් ලෙස ක්‍රියාකලයුතු කාලය එළැඹ ඇත. මෙහිදී සියදිවි නසා ගැනීම වැලක්වීමට නිශ්චිත ක්‍රමවේදයක් නැතත් වගකීම් සහගත පුරවැසියෙකු ලෙස සමාජය දෙස අවධානයෙන් සිටීම තුලින් මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයෙකුගේ ජීවිතය මරනයෙන කෙලවර නොකොට ගලවා ගැනීම සදහා දායක විය හැකිය.  රටක පුද්ගලයෙකු සියදිවි නසා ගැනීම ,  ඔහුට හෝ ඇයට ජිවත් වීමට සුදුසු පසුබිමක් නිර්මාණය නොවීම සමාජ ගැටලුවකි. මෙම ගැටළුව නිරාකනරය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පෙන්වා දිය හැකිය. 
රටක යහපත් සමාජයක් බිහි කිරීමේ මුලික අඩිතාලම දියත් කරන ප්‍රධානතම සමාජ ආයතනය පාසැල් වේ. පාසැල තුල යහපත් ආකල්ප වලින් ස්වයංපෝෂිත දරුවෙකු නිර්මාණය කිරීම සමාජය තුළ යහපත් සර්ධරම වලින් පරිපුර්ණ පුරවැසියෙකු බිහි කරනු ලබයි. අභියෝග වලට මුහුණ දිය හැකි ආත්ම ශක්තියකින් පරිපුර්ණ , සමාජය පිළිබද නිවැරදි දැක්මක් සහිත නිවැරදි අධ්‍යාපනික රටාවක් තුලින් බිහිවන දරුවෙකු නිර්මාණය කිරීම කාලින සමාජයේ පවතින බොහෝ අර්බුධ වලට පිළිතුරක් විය හැකිය. රටේ ශිෂ්‍ය ප්‍රජාවට නිවැරදි අධ්‍යාපනික ක්‍රමයක් ලබා දිය යුත්තේ එබැවිනි. එමෙන්ම තමන් යම්කිසි මානසික ආතතියකින් පෙලෙන බව හෝ නොදත් සමාජ රටාවක් ලාංකීය සමාජය තුළ දැකිය හැකිය. මානසික ආතතිය පිලිබදව නිවැරදි අකාරයෙන් සමාජය දැනුවත් කිරීමට ප්‍රාදේශීය ලේඛම් කාර්යාල, ප්‍රජා පොලිසිය , ආගමික මධ්‍යස්තාන තුළ ග්‍රාමීය මට්ටමින් හෝ ආයතනික මට්ටමින් සිදු කරන මනෝ උපදේශන සේවාවක් දියත් කිරීම තුලින්ද සියදිව්නසාගැනීම යම්තාක් දුරකට අවම කරගැනීම සදහා කටයුතු සලසා දිය හැකිය. එමෙන්ම යම්කිසි පුද්ගලයෙක් මානසික ආතතියෙන් පෙලෙයි නම්  ඔහුට හෝ ඇයට සිය ගැටළුව සාකච්චා කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් සකසා තිබීම පිලිබදව ග්‍රාමීය මට්ටමින් දැනුවත් කිරීම තුලින්ද, සියදිවිනසගැනීම අවම කරගත හැකිය.
ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින්ද  මානසික ආතතිය සහ සියදිවි නසා ගැනීම් අවම කර ගැනීමට දායකත්වයක් සැපයිය හැකිය. ජනමාධ්‍ය තුළ විවිධ වූ වැඩසටහන් උපයෝගී කරගනිමින් මානසික ආතතියේ ස්භාවය පිළිබද දැනුවත් කිරීම් සහ  විශාදය පාලනය කරගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබදව දැනුවත් කල හැකිය. එමෙන්ම පුවත් වාර්තාකරණයේදී සියදිවිනසගැනීම පිළිබද පුවත් අතිශෝක්තියෙන් වාර්තා කිරීම අවම කිරීම හරහා සියදිවිනසගැනීමේ රැල්ලක් නිර්මාණය වීමද වලක්වාගත ගත හැක. මක්නිසාදයත් ප්‍රේක්ශකගේ මනස  තුළ ධානත්මක සහ රිනාත්මක චින්තනයක් ඇති කිරිමේ හැකියාව ජනමාධ්‍යට  සහ සමාජ මාධ්‍යට සිදු කිරීමේ ශක්තියක් පවතී. සාමාජ මාධ්‍ය තුලද සියදිවි නසා ගැනීම් පිළිබද සිදුවීම් රුප රාමු සහිතව නිකුත් කිරීම් දැකිය හැකි අතර ඇතැම් පුද්ගලයන් එම සියදිවි නසාගැනීම අනුමත කරන අන්දමේ ලිපි පල කිරීම තුලින්ද විෂාදයෙන් පෙලෙන් පුද්ගලයෙකු ඒ සදහා යොමු වීමේ සම්භාවිතාව වැඩි විය හැක. 

මානසික ආතතියේ ප්‍රභලත්වය විශාදය ලෙස මරණයකින් කෙලවර වීම වලකාලීම සමාජ වගකීමකි. එය සමාජ මෙහෙවරක් ලෙස සලකා ඔබ මම සේම සමාජ වගකීම් ඉටු කරන සියලුම ආයතන කැප විය යුතු කාලය එළැඹ ඇත. 

 


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT