Entertainment

Watch: අපේ කම අගයන ජය ශ්‍රී ලා -  ‘මතුවෙන්න’ සමගින් එයි 

Saturday, 05 August 2023 - 2:52 pm

ජය ශ්‍රී අයියා මලෝ කවදත් අපේකම අගයන දෙන්නෙක්. මේ දෙන්නගේ අලුත්ම නිර්මාණය වෙන ‘මතුවෙන්න - The Diamond Story’ පහුගියදා ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් එළිදුටුවා. ජය ශ්‍රී ලා පහුගිය දවස්වල කිව්ව ඩයමන්ඩ් ගැන කතාවත් මේ ගීතයේ විෂුවල් වලින් දැකගන්නට හැකියි.

‘මතුවෙන්න‘ ගීතයේ පද හා රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්). රැප්සිලා මෑතකාලීනව ජනප්‍රිය වුණු ගීත ගණනාවක සංගීත නිර්මාණ ශිල්පියා ද වෙනවා. ඒවගේම, දෙස් විදෙස් ශිල්පීන් රැසක් මේ ගීතයේ රූප රචනයටත් දායක වෙලා තියෙනවා.

‘සිව්කොණ එකතුවෙලා 
ජය කණුව සොයනා වෙලේ 
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍
ජයගන්නට හැකි තුරුම්පුවක් වී 
ලොවටම පෙන්වන්න
මතුවෙන්න - පණදෙන්න 
රුවි‍තේ - විඳගන්න 
ජයගන්න’

‘මතුවෙන්න’ ගීතයෙන් ආරාධනා කරන්නේ, ජයගන්න පුළුවන් තුරුම්පුවක් වගේ, නැත්නම්, ඩයමන්ඩ් එකක් වගේ තමන්නේ දක්ෂතා ඔපමට්ටම් කරගෙන තාරුණ්‍යයට නැගිටින්න කියලා. මේ ඩයමන්ඩ් සංකේතය ‘මතුවෙන්න’ ගීතය පුරාවට දැකගන්නට හැකියි.

ලංකා‍ව පුරාම ගිහිං මේ ගීතයේ රූප රචනය කරලා තියෙන නිසා, ලංකාවේ හිටියත් තවමත් අපි දැකලා නැති ලස්සන තැන් ගණනාවක් මේ ගීතයෙන් දැකගන්නට පුළුවන්. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් මේ අතරට අයිතියි. 
‘මතුවෙන්න’ ගීතය පුරාවට දැකගන්න ලැබෙන සංකේතයක් තමයි ඩයමන්ඩ්. ජය ශ්‍රී ලා පහුගිය කාලේ කතා කළෙත් මේ ඩයමන්ඩ් ගැනයි. කොහොම වුණත්, ගීතය ආරම්භ වෙන්නෙත් ඩයමන්ඩ් එකක් ඇතුළට ජය ශ්‍රී ලා යනවා වගේ ෂොට් එකකින්. ගීතයේ ආරම්භයේ ඉඳන් අවසානය වනතෙක්ම මේ ඩයමන්ඩ් සංකේත දැකගන්නට හැකියි.  

‘මතුවෙන්න‘ ප්‍රසංග වේදිකාවේ ගැයෙන ජය ශ්‍රී ලගේ ගීත අතරට වෙනස්ම රසයක් එක්කළ නැවුම් නිර්මාණයක් වෙනවා.  ඒ වගේම කාලෙකට පස්සේ කරපු මේ නිර්මාණයෙන් අපේකම අගයන්නත් ජය ශ්‍රී ලා අමතක කරලා නැහැ. 
 


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT