Local

ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 8දෙනෙකුට ICCයෙන් චෝදනා

Tuesday, 19 September 2023 - 9:12 pm

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 8දෙනෙකු වෙත දූෂණ චෝදනා ගොනුකර ඇත.

මොවුන්ට චෝදනා ගොනුකර තිබෙන්නේ, 2021 වර්ෂයේ පැවති අබුඩාබි T10 ලීගය අතරතුර සිදුව ඇති බවට පැවසෙන දුෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ සිද්ධිවලට අදාළවයි.

ඒ අනුව කණ්ඩායම් සම හිමිකරුවන් වන Krishan Kumar Chaudhary සහ Parag Sanghvi වෙතද චෝදනා එල්ලවී තිබේ.

එසේම පිතිකරණ පුහුණුකරු Ashar Zaidiහට ද, සහාය පුහුණුකරුවෙකු වන Sunny Dhillon හටද, කණ්ඩායම් කළමනාකරුවෙකු වන Shadab Ahamedවෙතද මෙලෙස දූෂණ චෝදනා එල්ලවී තිබේ.

මෙලෙස චෝදනා එල්ලවන ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රීඩකයෙකු වන සාලිය සමන්ද වීම විශේෂත්වයකි.

මීට අමතරව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Rizwan Javed හට සහ බංග්ලාදේශ ක්‍රීඩක Nasir Hossain හටද එමගින් ICCය විසින් චෝදනා ගොනුකර ඇත.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT