Sports

මහේල හැමතිස්සෙම කණ්ඩායම සමග යන්නේ නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි

Saturday, 01 April 2023 - 11:33 pm

රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මහේල ජයවර්ධන නොසිටීම සම්බන්ධව පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ බව කියා සිටී.

එම කරුණු පැහැදිලි කිරීමේ මෙසේද දැක්වේ.

පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධනගේ කාර්යය වී ඇත්තේ රටේ සියලුම ජාතික කණ්ඩායම් භාරව කටයුතු කිරීමත් සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින් සහ කළමනාකරණ කණ්ඩායම් සඳහා අවශ්‍ය උපාය මාර්ගික සහයෝගය ලබා දීම වේ.

ඒ අනුව මහේල පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් සංවර්ධනය කරන වැඩසටහන්, දේශීය ක්‍රිකට් ශක්තිමත් කිරීම සහ වයස අවුරුදු 19 න් පහළ, සංවර්ධන සහ ජාතික කණ්ඩායම් සංවර්ධනය කිරීම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔහුගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැඟුණහොත් පමණක් මහේලව තරග සංචාරයන් සඳහා සහභාගි කරවාගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

 
 


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT