Local

Watch: අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට මහා මගදී වෙඩි තබයි

Friday, 26 May 2023 - 4:26 pm

(දීපාල් සිල්වා -අම්බලන්ගොඩ) 

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි. ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි.

නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දී වෙඩි තැබ්ම සිදුවී ඇති බව පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මෙය පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය කියයි.

මේ ආකාරයටම ඊයේ(25) රෑ ද වතුගෙදර ආදාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

දැනට ඇප මත සිටින අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු ඉලක්ක කරමින් මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි.

ඔහු අසල්වාසී නිවසක පැවති මගුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියකින් යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුකර් ඇති බවද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු වෙඩි තමා ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී තමන් ගමන් ගත් යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය කියයි.


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT