Local

Watch: රා නිෂ්පාදන හදන්න අලි නිර්වින්දන රසායනික ඖෂධ භාවිතා කිරීම හේතුවෙන් හෘදයාබාධ හා පිළිකා වැඩි වෙලා-SLLLA

Thursday, 25 May 2023 - 1:12 pm

සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130 කට වඩා වැඩි බදු මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු  පවසයි.
මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300 කට වඩා අධිකවු බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බව ද ඒ මහතා කීය.
මහනුවර දී ඊයේ (24) පැවැති මාධ්ය හමුවක දී ප්‍රනාන්දු  මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඇල්කොහොල් සඳහා කෘතිම රා නිෂ්පාදනයේ දී ශරීර සෞඛ්‍යයට අහිතකර නොයෙකුත් විෂ ද්‍රව්‍ය එකතු කරන බවට රස පරීක්ෂක වාර්තා මගින් ද තහවුරු කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ අළෙවි කරන රා වලින් 90 % ක්ම නියමිත ප්‍රමිතියෙන් තොර බවත් මේ හේතුවෙන් හෘදයාබාධ,පිළිකා ඇතුළු රෝග රැසක් වැළඳීමට මෙම තත්ත්වය හේතු වී ඇති බවද හෙතෙම පැවසුවේය.
මෙරට ඇතැම් කෘතිම රා නිෂ්පාදකයින් අලි නිර්වින්දනය කිරීම සඳහා යොදා ගන්නා නිර්වින්දන ඖෂධ පවා රා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විධිමත් සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහයෝගය මත නීති විරොධී මත්පැන් ජාවාරම රට පුරා සාර්ථකව ක්රියාත්මක වන බවත් මේ වනවිට 300 % කින් පමණ නීති විරෝධී මත්පැන් ජාවාරම ඉහළ ගොස් තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කරන බවත් ප්‍රනාන්දු  මහතා පැවසුවේය.
නීතී විරෝධී මත්පැන් ජාවාරම නතර කිරීමට පියවර නොගත හොත් රජය අපේක්ෂා කරන බදු අදායම ලබා ගැනීමට නොහැකි වන බවද ඒ මහතා කීය.
ඇතැම් මත්පැන් නිෂ්පාදනාගාර හිමිකරුවන් විසින් සිල්ලරට මත්පැන් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවත් ඉංග්රීසි ජාතීන් එදා සුරාබදු පනත සකස් කිරීමේදීම මෙම ක්‍රියාව සඳහා වැට බැන්දේ දූෂණය අවම කිරීම සඳහා බවත් කී ඒ මහතා මේ වනවිට සුරාබදු නිලධාරීන් අමුඅමුවේම පනත උල්ලංඝනය කරමින් මත්පැන් නිෂ්පාදකයින්ට සිල්ලරට මත්පැන් විකිණීම සඳහා බලපත්ර ලබා දෙන්නේ යැයිද අවධාරණය කළේය.
දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා 2001 වසරේ දී කුඩු හා අල්ලස් නඩුවක විත්තිකරුවෙකු වූ බවත් සාක්කි වල දුර්වලතාවක් මත නිදහස ලද ඔහු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව කිසිදු පරීක්ෂණයක් සිදු නොකර ඔහු සේවයේ පිහිටවූ බවත් හෙතෙම කීවේය.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය නොමැතිව මත්පැන් බලපත්‍රයක් කුලියට දීම තහනම් වුවත් එවැනි දේ නිතර සිදු වන බවත්  ඇතැම් සුරාබදු නිලධාරීන්ට මෙය ඉල්ලමක් වී ඇති බවත් කී ඒ මහතා නව අල්ලස් හා දූෂණ පනත කඩිනමින් ක්රියාත්මක කරන ලෙස ජනතපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරින්ගේ සංගමයේ ප්රධාන සංවිධායක ප්රසන්න විතානගේ මහතා අදහස් දක්වමින් සුවඳ විලවුන්,තීන්ත වැනි දේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා එතිල් ඇල්කොහොල් යොදා ගනිමින් ඇතැම් කුඩා පරිමාණයේ මත්පැන් නිෂ්පාදකයින් මත්පැන් නිෂ්පාදනය කරන බවත් මෙම මත්පැන් භාවිතය නිසා හෘදයාබාධ,පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් පැහැදිලි ලෙසම පවතින බවත් කීවේය.
මේවා පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව නිසි අවධානයක් යොමු නොකරන බවත් දැඩි දඩුවම් ලබාදිය යුතු මෙවැනි ක්රියා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව අනුගමනය කරන්නේ සමථකරණයකට එළඹීම වැනි ක්රියා බවත් ඒ මහතා කීය.
සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා මෙහිදී කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇති නව අල්ලස් හා දූෂණ පනත ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් මේ තත්ත්වය යම් තරමකට හෝ සමනයට පත් කිරීමේ හැකියාව ඇති බවය.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT