Entertainment

අද දවස ගැන හිතලා ජීවත් වෙනවා

Saturday, 01 April 2023 - 1:17 pm

පාරදිගේ ටෙලි නාට්‍යයේ සරණිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරයට පාත්‍රවුණ දුශේනි මියුරංගි තමයි පසුගිය සුමති සම්මාන උළෙලේදි ජනප්‍රියම රංගන ශිල්පිනිය විදිහට සම්මාන ලැබුවෙ. ලංකාවේ ජනප්‍රියම නිළිය හැටියට කාලයක් තමන්ගේ තැන රැකගෙන ඉන්න ඇය එක්ක ටිකක් කතා කරන්න හිතුණේ ඇගේ ජනප්‍රියත්වයේ රහස දැන ගන්න...

 

ජනප්‍රියම නිළිය වුණ එක ගැන මොකද හිතන්නෙ?

 

මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. ඇත්තටම මේ සම්මානය මට වඩා අයිති ප්‍රේක්ෂකයන්ට. ඔවුන් නිසා තමයි ජනප්‍රිය නිළිය කියන සම්මානය මට හිමිවුණේ. මේ සම්මානය මට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයන්ට පුදකරනවා.

මේ ආපු ගමනේදි බාධක තිබුණෙ නැද්ද?

 

බාධක තිබුණා. හැබැයි මම බාධක ළඟ වැටිලා නතර වුණේ නැහැ. මම හැමදාම උත්සාහ කළේ බාධක බිඳගෙන ඉස්සරහට යන්න.

 

පාරදිගේ ටෙලි නාට්‍යය භාර ගන්නකොට හිතුණද රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙයි කියලා?

 

ශිවගුරුනාදන් සහ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයලගේම නිර්මාණයක් වන නාඩගම්කාරයෝ ඉහළම ජනප්‍රිය කාලෙ තමයි මට පාරදිගේ ටෙලි නාට්‍යයට ඔවුන් ආරාධනා කරන්නෙ. ඉතින් ඒ වෙද්දි මට හිතුණු දෙයක් තමයි පාරදිගේ ටෙලි නාට්‍යයත් ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වෙයි කියලා. හැබැයි මම කවදාවත් හිතුවෙ නැහැ මෙච්චර ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා. ඒ ගැන මම පාරදිගේ නිර්මාණකරුවන් වන චාමර සමරවික්‍රම මහතාට, සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාට සහ ශිවගුරුනාදන් මහතාට ස්තුතිවන්ත වෙනවා.

එක පාර චරිත දෙකක් රඟපාන එක අමාරු නැද්ද?

 

සරණිගෙ චරිතය මට ගැටලුවක් වුණේ නැහැ. හැබැයි බන්ටිගේ චරිතය වෙනස් විදිහෙ එකක් නිසා මුල් කාලෙදි බන්ටි විදිහට රඟපාන්න ටිකක් අමාරු වුණා. මුල් කාලෙදි නුහුරු වුණාට ශිවගුරුනාදන් මහත්තයගේ සහ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්තයගේ ගුරුහරුකම් නිසා පස්සෙ මට ඒ චරිතය සාර්ථකව රඟපාන්න පුළුවන් වුණා.

 

උද්දික එක්ක රඟපාන එක මොන වගේද?

 

උද්දික ප්‍රේමරත්න කියන්නෙ මට වඩා අත්දැකීම් තියන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. පාරදිගේ පටන්ගත් දා ඉඳලා අද වෙනකම් ඔහු මගේ චරිතය සාර්ථක විදිහට කරන්න හොඳ සහයෝගයක් ලබාදෙනවා. ඒ විදිහට උද්දිකගෙයි මගෙයි සහයෝගයෙන් සරණියි රෙහානුයි විදිහට ගොඩනගාගත්තු සුසංයෝගය පාරදිගේ සාර්ථක වෙන්න හේතුවක් වුණා කියලා හිතනවා.

 

සරණිගෙ බොරුව එළිවුණු දාට කසාදෙ දිගටම තියෙයිද?

 

මම හිතන්නෙ නැහැ සැබෑ පවුල් ජීවිතයකදී නම් බිරිඳ ඒ වගේ බොරුවක් කරලා අහුවුණාම ස්වාම්පුරුෂයා සමාව දෙයි කියලා. ටෙලි නාට්‍යයේ ඒක කොහොම වෙයිද දන්නෙ නැහැ. නිර්මාණකරුවාට අපි ඒක භාර කරමු.

පාරදිගේ නිසා නැන්දම්මලා අතරත් හුඟක් ජනප්‍රිය වුණා නේද?

 

ඔව්. නැන්දම්මා සහ ලේලි අතර තියන ආරවුල ලංකාවෙ තියන ඇත්තම ගැටලුවක් නිසයි ටෙලි නාට්‍යයේ තිබුණ නැන්දම්මා ලේලි දර්ශනය වැඩි වශයෙන් කතාබහට ලක්වුණේ. ඒ දර්ශනය විකාශය වුණාට පස්සෙ ඒ ගැන කියලා මට පණිවිඩ ගොඩක් ඇවිත් තිබුණා. ඇත්තටම මම නැන්දම්මාලගෙන් සහ ලේලිලගෙන් ඉල්ලා සිටිනවා රණ්ඩු කරගන්නෙ නැතුව සමසේ පුතාගේ ආදරය බෙදාගන්න කියලා.

 

ඔබ සැබෑ ජීවිතයේදි මොන වගේ කෙනෙක්ද?

 

මම බලාපොරොත්තු ගොඩක් තියාගන්නෙ නැතුව අද දවසේ සතුටින් ජීවත්⁣වෙලා ඉන්න කැමැති කෙනෙක්. බලාපොරොත්තු ගොඩක් තියාගත්තාම ජීවිතය ගෙවන්න අමාරුයි. ඒ නිසා මම සරල විදිහට අද දවසේ සතුටින් ජීවත්වෙන හරි ආදරණීය කෙනෙක්.

 

ආපහු ඉන්දියාවට යන්න අදහසක් නැද්ද?

 

ඉන්දියාවේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන ඉන්න අතරතුර නිවාඩුවට ලංකාවට ආවහම තමයි මට පාරදිගේ ටෙලි නාට්‍යයෙන් ආරාධනා ලැබුණේ. පාරදිගේ නිසා මේ වෙද්දි මට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය දෝරෙ ගලනවා. ඒ විදිහට දෝරෙ ගලන ප්‍රේක්ෂකයන්ගෙ ආදරය අතෑරලා ආපහු ඉන්දියාවට යන්න මට හිත දෙන්නෙ නැහැ. ඔවුන්ගේ ආදරය ලබමින් ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්න තමයි මගේ අදහස තියෙන්නෙ.

ආදරය ගැන මොකද හිතන්නෙ?

 

ආදරය කියන්නෙ හරිම සුන්දර දෙයක් වගේම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ආදරෙන් ජීවිතය බෙදාගන්න පුළුවන් කෙනෙක් හැමෝටම ඉන්න ඕන කියලා මම හිතනවා.

 

ඒ විදිහට ජීවිතය බෙදාගන්න කෙනෙක් ගැන දැන්ම හිතන්නෙ නැද්ද?

 

මේ වෙද්දි මම වැඩිපුර අවධානය දීලා තියෙන්නෙ රංගන කටයුතුවලට. ඒ නිසා දැන්ම ආදරය ගැන හිතන්න අදහසක් නැහැ. හැබැයි ගැළපෙන කෙනෙක් හමුවුණාම ආදරය කරලා විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

රෙහාන් වගේ ගතිගුණ තියන කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත් කැමැති වෙනවද?

 

සද්දාමංගල සූරියබණ්ඩාර මහතා නිර්මාණ කරපු රෙහාන්ගේ චරිතයෙ මම කැමැති ගතිගුණ වගේම අකැමැති ගතිගුණත් තියනවා. ඒ නිසා රෙහාන්ගේ ගතිගුණ එක්ක මට හම්බ වෙන සහකරුව සංසන්දනය කරන්න බැහැ. මට හම්බ වෙන කෙනාගේ තියන ගතිගුණ එක්ක තමයි ඒක තීරණය වෙන්නෙ.

ඉදිරියෙදි රඟපාන වෙනත් නිර්මාණ මොනවද?

 

මම රඟපාන නිර්මාණ කිහිපයක්ම ඉදිරියෙදි රසිකයන්ට බලන්න පුළුවන්. ඒ අතරින් විශේෂම නිර්මාණය තමයි සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරපු ‘සිංහබාහු’ චිත්‍රපටය. සිනමාවෙ මම රංගනයෙ යෙදෙන පළමුවැනි චිත්‍රපටය තමයි සිංහබාහු කියන්නෙ. මේ අවුරුද්ද ඇතුළත සිංහබාහු ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වෙයි.

 

රසිකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මොකද හිතන්නෙ?

 

මම කලින් කිව්වා වගේ මේ මොහොතෙ රසිකයන්ගෙ ආදරේ දෝරෙ ගලනවා. පුදුමාකාර ආදරයක් රසිකයන්ගෙන් ලැබෙනවා. ඒ ලැබෙන ආදරය තමයි මාව ජීවත් කරන්නෙ. ඔවුන්ගෙන් ලැබෙන ආදරය වෙනුවෙන් මමත් ඔවුන්ට ගොඩක් ආදරෙයි. ඒ වගේම ෆේස්බුක් හරහා රසිකයෝ පාරදිගේ ටෙලි නාට්‍යය වෙනුවෙන් සමූහයක් හදාගෙන අපි වෙනුවෙන් ස්වේඡචාවෙන් කටයුතු කරනවා. උද්දිකත් මමත් සම්මාන බලාපොරොත්තු නොවුණු මොහොතක ඒ අය තමයි ෆේස්බුක් හරහා ඒකරාශි වෙලා අපිට සම්මාන හිමිවන විදිහට කැපවෙලා කටයුතු කළේ. මම ඒ හැමෝමවම මේ මොහොතේ ආදරයෙන් මතක් කරන ගමන් ස්තුති කරනවා.

 


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT