රාමසාන් සමයේදී ව්‍යපාරිකයන් විසින් බෙදා හරින ලද මුදල් පරිත්‍යාග ලබා ගැනීම සඳහා පාසලකට රැස්ව සිටි විශාල පිරිසක් තෙරපීම නිසා යේමනයේ සානා අගනුවර තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් ඇතිබව හවුති පාලනය ප්‍රකාශ කළා. එක් පුද්ගලයෙකුට යේමන රියාල් 5,000 ක් නැතිනම් ඩොලර් 9 ක් පමණ වූ ප්‍රදානය ලබා ගැනීමට සිය ගණනක් ජනතාව රැස්ව සිටි බව ගලවා ගැනීමේ ප්‍රයත්නයට සම්බන්ධ සේවකයන් දෙදෙනෙකු රොයිටර් වෙත පැවසීය.
අදාළ ප්‍රධානය සිදුකල පාසලේ ගේට්ටුව විවෘත් කල විගස විශාල පිරිසක් ඇතුල්වීමට උත්සහ ගැනීමත් සමග මේ තෙරපීම ඇති වී තිබෙනවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වසර අටකට පෙර සිවිල් යුද්ධය අරම්භවීමට පෙරම යේමනය දරිද්‍රතාවයට පත් සිටි රටක් වන අතර යුද්ධයෙන් පසු ජනතාවගෙන් තුනෙන් එකක් අන්ත දරිද්‍රතාවට පත් ඇත.
හවුති පාලනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මීට පෙරද සිද්ධියකින් 13 දෙනෙකුගේ බරපතල තුවාල ලබා 77 දෙනෙකු තුවාල ලැබූ බවයි.