(චන්දන පෙරේරා- ගල්පාත)
ඉංගිරිය කුරන අක්කර තිස්හය මාර්ගයේ දි ඉකුත්දා(24) සවස සිදුවූ යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු අතරින් පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
අක්කර 36 මාර්ගයේ කුරන හංදිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිය පැදවූ සිසුවා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ කොටිගල හඳපාන්ගොඩ පදිංචි (15) හැවිරිදි බිම්සර ප්‍රබෝධය නැමැති හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. ඔහු සඳුදා දිනයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.
මියගිය පාසල් සිසුවාගේ මෘත ශරීරය හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඉංගිරිය පොලිසිය වැඩි දුර විමර්ශන සිදුකරයි.