Local

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

Thursday, 25 May 2023 - 8:16 pm

 

(කමල් සුරවීර- මහනුවර) 

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ සිද්ධියකට අදාළව මහනුවර මහාධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වූ චීවරධාරියෙකුට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක් මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා නියම කළේය.
වසර 2016 දෙසැම්බර් මස 01 සහ 31 අතර කාලයේ දී පන්විලතැන්න ප්‍රදේශයේ දී වයස අවුරුදු 16 නොඉක්මවූ පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බවට විත්තිකරුට චෝදනා එල්ල වී තිබිණි.
විත්තරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩුව ගොනුකර තිබූ අතර පළමු වරදට බරපතල වැඩ සහිත වසර 07 ක සිරදඬුවමක් ද  ඊට අමතරව රුපියල් 10000 ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. අදාළ මුදල නොගෙනවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස 06 ක සිර දඬුවමක් නියම වන බවද විනිසුරුවරයා දැනුම් දුන්නේය.
දෙවන වරදට බරපතල වැඩසහිත වසර 10 ක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඊට අමතරව රුපියල් 15000 ක දඩයක් පනවමින් එය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස 06 ක සිරදඬුවමක් නියම කළේය.
පළමු හා දෙවන චෝදනා සම්බන්ධයෙන් නියම වූ වසර 07 ක හා 10 ක බරපතල සිරදඬුවම එකවර ගෙවීයන ලෙස ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා අපයෝජනයට ලක්වූ දරුවාට රුපියල් 250000 ක මුදලක් ගෙවන ලෙස ද චූදිතට නියම කළේය.
එම මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම වන බවද විනිසුරුවරයා දැනුම් දුන්නේය.
මෙලෙස දඩ හා සිරදඬුවම් නියම වූයේ කැලණිය ශීලදස්සි හිමි නොහොත් හඳුවල දේවගේ හෂාන් හේමරත්න නැමැති අයෙකුටය.


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT