Sports

දකුණු අප්‍රිකාව තවත් පියවරක් ඉදිරියට

Saturday, 01 April 2023 - 11:18 pm

ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවට තවත්පියවරක් ආසන්න වූ දකුණු අප්‍රිකානුවෝනෙදර්ලන්තයට එරෙහිව සිකුරාදා (31 වැනිදා) බෙනෝනි නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 8 ක ජයක් පහසු ලබාගත්හ. දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විටත්ලෝක කුසලාන සුපිරි ලීගයේප්‍රසාද ලකුණු 88 ක් ලබාගනිමින්පුවරුවේ 9 වැනි ස්ථානයට පත්ව සිටින්නේකොදෙව් පිල හා සම තත්ත්වය ගනිමිනි.  ඉරිදා (02 වැනිදා) ජොහැන්නස්බර්ග්නුවරදීපැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය ජයගැනීම හෝවිසඳුමකින්තොරව අවසන්වීමත් සමගින් දකුණු අප්‍රිකානුවන්ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගනු ඇත.


දකුණු අප්‍රිකානුවේග පන්දු යවන සිසන්දා මගාලා (37/3) සහ වමතින් දඟ පන්දු යවන්නා වන තබ්රේස් ශම්සි (25/3) එක්ව නෙදර්ලන්ත ඉනිම ලකුණු 189 කට සීමා කළහ. ලකුණු 190 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා පන්දු 79 කින්නොදැවී ලකුණු 90 ක් ලබාගනිමින්, ඕවර 20 ක් ඉතිරිව තිබියදී තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.  නෙදර්ලන්ත ආරම්භක පිතිකරුවන් වන වික්‍රම්ජිත්සිං (45) සහ මැක්ස්වෙල් ඕ’ඩාවුඩ් (18) දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද මගාලා සහ ශම්සි එක්ව නෙදර්ලන්ත ඉනිම විනාශ කළහ. 
ආරම්භක පිතිකරු ක්වින්ටින්ඩි’කොක් අසාර්ථක වූ නමුත් බවුමා (නොදැවී 90), රාසිවැන්ඩර් ඩසන් (31) සහ ඒඩ්න්මාක්රම් (නොදැවී 51) එක්ව අපහසුවකින්තොරව ඉලක්කය කරා ගියහ. තද සීතල සමගින් සන්ධ්‍යාවේ වර්ෂාව පතිත වන ලකුණුතිබුණුබැවින් දකුණු අප්‍රිකානුපිතිකරුවෝ තමන්ගේ ගමන ඉක්මන් කළහ.  මෙම තරගාවලියේ පළමු එක්දින තරගය වසර 2021 නොවැම්බර් 26 වැනිදා පැවැති අතර එම තරගය වර්ෂාව නිසා සම්පූර්ණ කළ නොහැකි විය. පසුව කොරෝනා වයිරසයේපැතිරීමත් සමගම නෙදර්ලන්ත කණ්ඩායම තරගාවලිය අතර මග නවතා ආපසුසියරට බලා ගියේය.  නෙදර්ලන්තය - ඕවර 46.1 කදීසියලු දෙනා දැවී 189 යි (වික්‍රම්ජිත්සිං 45, මැක්ස්වෙල් ඕ’ඩාවුඩ් 18, මූසා අහමඩ් 17, තේජා නිදමානුරු 48, ආර්යන් දත් 12, සිසන්දා මගාලා 37/3, තබ්රේස් ශම්සි 25/3, ඇන්රික් නොකියා 24/2) දකුණු අප්‍රිකාව - ඕවර 30 කදී කඩුලු 2 කට 190 යි (ටෙම්බා බවුමා නොදැවී 90, රාසිවැන්ඩර්ඩසන් 31, ඒඩ්න්මාක්රම් නොදැවී 51)


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT