Local

පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වූ අයෙකුට වසරක සිරදඬුවමක්

Friday, 26 May 2023 - 7:04 pm

(දමිත් තිසර- මිනුවන්ගොඩ)

දිවුලපිටිය, කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට සොරෙන් ඇතුල්වී පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීමට සහ අයුතු ලෙස වත්තට ඇතුල්වීම යන චෝදනා දෙකට වැරදිකරු වූ අයෙකුට වසරක සිරදඬුවමක් නියමවී තිබෙන බව වාර්තා වෙනවා. 

රුපියල් 1200ක් වටිනාකම ඇති එම පොල් ගෙඩි සොරකමට සහ වත්තට ඇතුල්වීම යන චෝදනා දෙකට දඬුවම් නියමවී ඇත්තේ එක් චෝදනාවකට මාස තුන බැගින්.

ඒ බරපතල වැඩ ඇතුව එක් වසරක සිරදඬුවම නියම කර තියෙන්නේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වන ටී. තේනබදු යි.

චුදිතට පෙර වැරදි නොමැති බවට ඇඟිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති හෙයින් නියම කළ බරපතළ වැඩ ඇතිව එක් වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කර තිබෙනවා. 

එම වසර දහය යහපත් කල් ක්‍රියාවෙන් ගෙවන ලෙසට චුදිතට අධිකරණයෙන් නියම කෙරුණා.

දිවුලපිටිය, කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එක්දරු පියකු ට යි මෙසේ අත්හිටවූ සිර දඬුවම් නියම කෙරුණේ.

ඔහු 2021 ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී දිවුලපිටිය, කෙහෙල්ඇල්ලේ දී අදාළ සොරකම සිදු කර තිබූ බවට අධිකරණයේ දී සඳහන්ව තිබුණා.


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT