Sports

Watch: ක්‍රීඩා ලොවම කම්පා කරමින් මීටර් 100 ඉසව්වේ හිටපු ලෝක ශූරිය ඇමරිකාවේ ටෝරි බෝවී වයස අවුරුදු 32 දී මිය යයි

Thursday, 04 May 2023 - 11:25 am

හිටපු ඔලිම්පික් සහ ලෝක කෙටි දුර ධාවන ශූරී 32 හැවිරිදි ඇමරිකාවේ ටෝරි බෝවී ජීවිතක්ෂයට පත්ව ඇති බව බව ඇගේ කළමනාකරණ සමාගම ඊයේ(03) තහවුරු කළේය.

ඔලිම්පික් ශූර ජැමෙයිකාවේ Shelly-Ann Fraser-Pryce ට්විටර් සටහනක් තබමින් පවසන්නේ, 'මේ පුවත අසා මම දැඩි සේ කම්පාවට පත්වුණා. ඇය විශිෂ්ඨ ක්‍රීඩිකාවක්. ඔබේ ශක්තිය සහ සිනහව සැමවිටම මා සමඟ පවතිනු ඇත. සාමදානයේ සැතපේවා' ලෙසයි.

බෝවී ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ හි පිහිටි ඇගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගන්නා ලද්දේ ආරක්ෂක අංශ විසින්. දින කිහිපයකින් ඇය පිළිබඳව තොරතුරක් නොමැතිවීම එරට ආරක්ෂක අංශ ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදීයි බොවී මිය ගොස් ඇති බව සොයාගෙන ඇත්තේ.

ඇය ජාත්‍යන්තර කෙටිදුර ධාවන ඉසව්වලදී රන් පදක්ක තුනක් දිනා තිබෙනවා. ඇය 2016 ඔලිම්පික් උළෙලේ දී ඇමරිකා එක්සත් ජනපදයේ රන් පදක්කම දිනු මීටර් 4x100 සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක් විය. ය. 2017 ඊටත් වඩා සාර්ථක විය: ඇය ලන්ඩනයේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් සහය දිවීමේ රන් පදක්කමක් දිනාගත් අතර අයිවරි කෝස්ට් හි මාරි-ජෝසී ටා ලූ පරදවා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නටද සමත් විය.



Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT