ශ්‍රී ලං කා ක්‍රිකට් ආයතනයට එල්ල වී තිබෙන බව කියන දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග නිල සාකච්ඡාවකට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඇරියුම් කර සිටින බව ක්‍රීඩා ඇමැතිරොෂාන් රණසිංහ මහතා එහි සභාපති ග්‍රේග් බාක්ලේ මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටියි.
ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව නොපමාව පියවර ගනුඇතැයිතමන් විශ්වාසයෙන් පසුවන බවත් ඇමැතිවරයා එම ලිපියෙන් කියා සිටියි. ක්‍රීඩා ඇමැතිවරයා ගේ මෙම ලිපියට පසුබිම වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවට පළවී තිබෙන සමාජ මාධ්‍ය වාර්තාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන විය යුතුය යන ස්ථාවරයේ විෂය බාර ඇමැතිවරයා ලෙස තමාත් පසුවන බව ග්‍රේග් බාක්ලේ මහතාට යොමුකළ ලිපියෙන් වැ ඩිදුරටත් අවධාරණය කළ ඇමැතිවරයා ක්‍රිකට් ආයතනය පමණක් නොව මෙරට සියලු ජාතික ක්‍රීඩා සංගම් රටේ නීතියට අනුගතව සිය ජාත්‍යන්තර සම්මේලනයන්හිනියාමනයන්ට අනුකූල කටයුතුකිරීමෙන් රටේ ක්‍රීඩාවේ ගුණාත්මක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව පවසයි