Sports

භානුකගෙන් සවිමත්වූ පන්ජාබය ජයගනී

Saturday, 01 April 2023 - 8:14 pm

හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 32 කින් ලකුණු 50 ක් ලබාගත්භානුක රාජපක්‍ෂගේපිතිහරඹය නිසා පන්ජාබ් කිංග්ස්ක්‍රීඩකයෝ අද (01 වැනිදා) පැවැත්වෙන අයි.පී,එල්. තරගයේදීකොල්කටා නයිට් රයිඩර්ස්පිල පරාජය කරමින්, ඩක්වර්ත්ලුවිස්න්‍යාය මත ලකුණු 07 ක ජයක් අත්කර ගත්හ. 
පන්ජාබ් කිංග්ස්පිල නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 කට ලකුණු 191 ක් ලබාගත්තේය. ලකුණු 192 හඹා ගිය නමුත්, වර්ෂාව හේතුවෙන් ඕවර 16 කදී තරගය නතර කිරීමට පෙර කොල්කටා නයිට්රයිඩර්ස් ට ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 146 ක් පමණි.  පන්ජාබ් පිලේ පළමු කඩුල්ල ලකුණු 23 දීබිඳ වැටිණ. එහෙත්ෂිකාර් ධවාන් (40) සමග එක්වූ භානුක, ඕවර 10 ක් නිමාවේදී 100 වැනි ලකුණත් පන්ජාබ් ලකුණුපුවරුවට එකතු කළේය. ධවාන් සහ භානුක අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන්පැවැති සම්බන්ධතාව ලකුණු 86 කි. 

ඒ වෙනුවෙන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 54 කට පමණි.
කොල්කටා නයිට්රයිඩර්ස්වෙනුවෙන්ක්‍රීඩා කරන නවසීලන්ත නායක ටිම් සවුතී කඩුලු 2 ක්
දවාගත් නමුත් ඔහුගේ ඕවර 4 න් ලකුණු 54 ක් උදුරා ගැනීමට පන්ජාබ් පිතිකරුවෝ සමත්වූහ.
ලකුණු 192 ක ඉලක්කය කරා යාමේදී ඕවර 5 ක් ඇතුළත, ලකුණු 29 කට කඩුලු 3 ක් බිඳවැටීම
නිසා කොල්කටා පිල මුලදීම අසරණ වූයේය. තම කණ්ඩායම ගොඩගැනීමට වෙන්කටේෂ් අයියර්
(34) සහ ඔන්ඩි්‍ර රසල් (35) බලවත් උත්සාහයක් ගත් නමුත්දෙදෙනාගේම උත්සාහය ලකුණු 138 දී
නතර වූයේ ලකුණු 8 ක් ඇතුළත දෙදෙනාම දැවී ගිය බැවිනි.
කොල්කටා ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 5 න් ලකුණු 56 ක් අවශ්‍ය වී තිබිණ. 16 වැනි
ඕවරයේදී ලකුණු 10 ක් ලබාගත් නමුත් බලවත්ම අවාසිය වූයේ අයියර්ගේදැවී යාමයි. පන්දු 5 ක්
ඇතුළත රසල් සහ අයියර් දෙදෙනාගේදැවී යාම් හේතුවෙන් ඩක්වර්ත්ලුවිස් සටහනේදී
කොල්කටා පිල පසුපසට වැටිණ.
පන්ජාබ් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 191 යි
(ප්‍රභිසිම්රන්සිං 23, ෂිකාර් ධවාන් 40, භානුක රාජපක්‍ෂ 50, ජිතේෂ් ෂර්මා 21, සිකන්දර් රාසා 16,
සෑම් කරන්නොදැවී 26, ෂාරුක් ඛාන්නොදැවී 11, ටිම් සවුති 54/2)
කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 146
(රමනුල්ලා ගුර්බාස් 22, වෙන්කටේෂ් අයියර් 34, නිතිෂ්රානා 24, ඔන්ඩි්‍ර රසල් 35, අර්ශ්දීප්සිං
19/3)
දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 54 කට පමණි.

Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT