Local

Watch: ලොකුම උසාවිය දක්වා ගිය දළදා මාලිගාවේ අයවැය ගිණුම් නඩුවේ ජය දියවඩන නිලමේවරයාට 

Thursday, 25 May 2023 - 8:00 pm

 

(කමල් සුරවීර- මහනුවර) 


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව හිටපු බස්නායක නිළමේවරයෙකු වන සුදන්ත සේනානායක මහතා විසින් පවරා තිබූ නඩුවක් නිෂ්ප්‍රභා කරමින් නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදීප් නිලංග දෑල මහතාට  ගෙවන ලෙස ශ්‍රෙෂ්ෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව ඊයේ (25) මහනුවර මහාධිකරණ අංක 01 දී  මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින්  ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව සුදන්ත සේනානායක මහතා විසින් අදාළ මුදල අධිකරණයේ දී දියවඩන නිළමේවරයා වෙත ලබා දීමට පියවර ගන්නා ලදි.
වර්ෂ 2012 දී සුදන්ත සේනානයක මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් කර නොමැති බවට චෝදනා කරමින්  මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබිණි.
එම නඩුව විභාගයට ගැනීමට තිබිය දී දියවඩන නිළමේවරයා විසින් ඊට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව මහාධිකරණ විනිසුවරුවරයා නඩුව නිෂ්ප්‍රභා කරනු ලැබීය.
සුදන්ත සේනානායක මහතා කාර්තු හතකරට අදාළව ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකළ බව කියමින් අදාළ නඩුකර ගොනුකර තිබූ බැවින් එක් නඩුවකට රුපියල් 125000 බැගින් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කරුට නියෝග කළේය.

එම නියෝගය එරෙහිව අභියාචනා අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට සුදන්ත සේනානායක මහතා කටයුතු කර තිබූ අතර මහාධිකරණය මගින් ලබාදී තීන්දුව ඒ ආකාරයෙන්ම එහිදී ද තහවුරු කර ඇත.
ඊට එරෙහිව සුදන්ත සේනානායක මහතා  ශ්‍රෙෂ්ෂ්ඨාධිකරණයට ගිය අතර එහි දී අභියාචනාධිකරණයේ තීන්දුව වෙනස් කරමින් එක් නඩුකරයක් සඳහා රුපියල් 25000 බැගින් රුපියල් ලක්ෂයක් මුදලක් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙස ශ්‍රෙෂ්ෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.
අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඊයේ (25) මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් සිදු කරනු ලැබීය.
ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිළාමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් සමන් තන්තිරිගේ මහතාද සුදන්ත සේනානායක මහතා වෙනුවෙන් මතීෂ සෙනෙවිරත්න මහතාද පෙනී සිටියහ.                                           
පසුව මාධ්ය හමුවේ අදහස් පළ කළ දියවඩන නිලමේවරයා කියා සිටියේ එකම සුළු පිරිසක් විසින් එකම චෝදනා විවිධාකාරයෙන් නගමින් තමා අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළද එම උත්සාහය සාර්ථක නොවූ බවය. සුදන්ත සේනානායක මහතා කියා සිටියේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් තමා මෙම නඩුව ගොනු කළ බවය.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT