Entertainment

මනුස්සයෙක්ට අපහස කරන්නේ ජීවිතේ ඇරියස් තියෙන මිනිස්සු

Saturday, 01 April 2023 - 1:21 pm

'සත්තයි මට ඔබ වාගේ' කියන වචන ටික දකිද්දිම මේ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂා ගැන කියලා ආදරණීය පිනිපලස පාඨකයන් හොඳින්ම දන්නවා. බොහෝ දෙනකුගේ ආදරය දිනාගත්ත ආදරණීය කටහඬේ හිමිකාරිය දිල්කි මීට මාස කිහිපයකට කලින් ව්‍යාපාරිකයකු වන නඳුන් ගිම්හාන සමගින් විවාහ දිවියට ඇතුළත් වුණා. ඉතින් දිල්කිගේ අලුත් ජීවිතය ගැන කතාවකින්ම අපි ඇයත් සමග පිළිසඳර පටන් ගත්තා..

 

'මම ආදරය ගැන ගීත ගොඩාක් ගායනා කරලා තියෙනවා. මෙතරම් කාලයක් මගේ ආදරණීය රසිකයන් ආදරයෙන් ඒ ගීත ඔවුන්ගේම කරගෙන තියෙනවා. ඉතින් ආදරණීයයන් වෙනුවෙන් ගීත ගායනා කළ මට මගේ ආදරය මගේම කරගන්න අවස්ථාව ලැබුණා. ප්‍රේමවන්තයන් හැටියට සුන්දර කාලයක් ගත කරලා මම නඳුන් සමග විවාහ ජීවිතයට ඇතුළත් වුණා. ඔහු තමයි මට ලැබුණු ආදරණීයම තෑග්ග. නඳුන් මාව හැම වෙලාවකම තේරුම් ගත්තා. පෙම්වතියක් විදිහට මම නඳුන්ගේ ආදරය අඩුවක් නැතුව වින්දා. අද බිරිඳක් හැටියටත් මම ඒ ආදරය විඳිනවා. ඔහු මගේ වැඩකටයුතුවලට ලබාදෙන සහයෝගය වචනවලින් විස්තර කරන්න බැරි තරම්.'

 

'මගේ ජීවිතයේ අපිළිවෙළට තිබුණු සමහර තැන් පිළිවෙළක් කළේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා' දිල්කි නඳුන්ගේ ආදරය ගැන ඒ විදිහට ආදරණීයව වචන එකතු කළා.

කොහොම වුණත් විවාහයෙන් පසුව දිල්කි වෙනදාට වඩා කාර්යබහුල වෙලා කියලාත්, ඇය කලා ජීවිතයට සමු දීලා නඳුන් සමග පිටරට පදිංචියට යන්න තීරණය කරලා කියලාත් පිරිසක් කියනවා. ඒ ගැන දිල්කි අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්...

 

'සංගීත වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල යම්තාක් දුරකට කාර්යබහුල වෙලා ඉන්නවා. සුපුරුදු පරිදි සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒ වගේම විදේශ ප්‍රසංග කිහිපයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මගේ අලුත් ගීතය සඳහාත් සූදානම් වෙනවා. මේ වැඩකටයුතු නිසා තමයි තරමක කාර්යබහුලතාවක් ඇති වෙලා තියෙන්නේ. ඒ කාර්යබහුල බව විවාහය නිසා ඇති වුණ දෙයක් නෙමෙයි.'

 

'විවාහයෙන් පසුව ලංකාව අතහැරලා යනවද කියලා ගොඩක් දෙනෙක් අහනවා. මගෙ හස්බන් ව්‍යාපාරිකයෙක්. ඔහු රැකියාව කරන්නේ විදේශ රටක. ඒ නිසා මමත් සමහර වෙලාවට ඔහු සමග ඒ රටට යනවා. ඒත් ලංකාව අත්හැරලා දාලා ස්ථිරවම වෙන රටක පදිංචියට යන්න තීරණයක් අරගෙන නැහැ. මගේ කලා කටයුතු සිදුවෙන්නේ ලංකාවේම නිසා මම ලංකාවේ ඉන්නවා. අවස්ථාවක් ලැබුණාම නඳුන් ඉන්න රටටත් යනවා.'

මොන දේ වුණත් ලංකාව අත හැරලා දාලා වෙන රටකට යන්න තීරණයක් අරගෙන නැහැ කියලා තමයි දිල්කි නම් කියන්නේ.

 

දිල්කිගේ විවාහය නිසා වගේම පසුගිය දවසක එක්තරා ප්‍රසංග වේදිකාවකදී සිදුවුණු සිදුවීමක් නිසාත් බොහෝ දෙනෙක් දිල්කි ගැන කතාබහ කරන්න පටන් ගත්තා. එම සිදුවීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට දිගින් දිගටම විවේචන එල්ල වෙන්නත් පටන් ගත්තා. මේ විදිහට දිගින් දිගටම එල්ල වන විවේචන සහ මඩ ප්‍රහාර දිල්කි උරේෂා කියන ගායිකාවට මොන විදිහේ බලපෑමක්ද එල්ල කළේ කියලත් ඇයගෙන් අහන්න අපි අමතක කළේ නෑ.

 

'ඇත්තටම ප්‍රසංග වේදිකාවකදී සිදුවුණු සිදුවීමක් පිරිසක් විසින් වැරැදි විදියට තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් ඒ ගැන වැරැදි ප්‍රචාරත් දෙනවා. ඇත්තටම එදා සිදු වුණේ මොකක්ද කියලා මට බණින කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ විදිහට බණින්නේ මඩ ගහන්නේ සුළුතරයක් විතරයි. ඇතැම් පුද්ගලයන් පුද්ගලික තරහක් පිරිමහ ගන්න උත්සාහ කරනවා කියලා මට හිතෙනවා. කොහොම වුණත් එදා වගේම අදත් දිල්කි උරේෂාගේ හඬට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. එදා වගේම අදත් මට ප්‍රසංග වේදිකාවෙන් උණුසුම් පිළිගැනීමක් තියෙනවා. කිහිප දෙනෙක්ගේ මඩ ප්‍රහාරවලට මාව වට්ටන්න බැහැ. ඒ වගේම ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙන ආදරය බොරු චෝදනාවලින් නතර වෙන්නෙත් නැහැ.'

දිල්කි කියන විදිහට බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු, සමාජ මාධ්‍ය කැලඹූ සිදුවීමෙන් පසුවත් ඇයට ලංකාවේ වගේම විදේශ ප්‍රසංග රටවල පවත්වන සංගීත ප්‍රසංග සඳහාත් බොහෝ ආරාධනා ලැබිලා තියෙනවා.

 

'කෙනෙක් ඔහුගේ ජීවිතයේ ඇතුළාන්තයෙන්ම සතුටින් නම් ඒ කෙනාට තව කෙනෙක්ට මඩ ගහන්න වුවමනාවක් ඇති වෙන්නේ නැහැ. සෝෂල් මීඩියාවලට වෙලා මඩගහන නරක කමෙන්ට් දාන පිරිසට ඇතුළාන්තයෙන් ලොකු පීඩනයකට ඉන්නවා කියලා මට හිතෙනවා. ඒ පීඩනය තමයි මඩ ප්‍රහාර හැටියට පිට වෙන්නේ. ඇත්තටම මම ඒ වගේ අයට අනුකම්පා කරනවා. තව මනුස්සයෙක් ළඟ අපි ළඟ නැති දේවල් තියෙද්දි මනුස්සයෙක් විදිහට ඉරිසියා හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒ ඉරිසියාව මඩ ප්‍රහාරයක් විදිහට හරි පිට කරලා සතුටු වෙන්න හදන පිරිසට අනුකම්පා කරනවා හැර මොකද කරන්නේ?'

'මම මගේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව හෙමින් ගමනක් යනවා.'

හැමදාම වගේ ඇය අදත් කියන්නේ ඒ වගේ කතාවක්. මම මුලින්ම සඳහන් කළා වගේ මේ කාලය ඇතුළත ඇය බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳගත්ත ආදරණීය, ජනප්‍රිය ගීත ගණනාවකට ඇයගේ හඬ එකතු කරලා තියෙනවා. මේ දවස්වල ඇය තවත් අලුත් ගීතයක් ආදරණීය රසිකයන්ට තිළිණ කිරීමට සූදානමින් වෙමින් ඉන්නවා. ඒ ගීතයත් ආදරණීයම නිර්මාණයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. 


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT