(සම්පත් කුලරත්න -කළුතර)
වාද්දුව පොලිස් වසමට අයත් රතු ගේට්ටුව හබරලගහලන්ද ප්‍රධාන මාර්ගයේ බේකරි නිෂ්පාදන ප්‍රවාහනයකරන කුඩා ප්‍රමාණයේ ලොරි රථයක පැති දොරක් එම ලොරි රථය ගමන් කරමින් සිටියදී ම ගැලවී ගොස් එම මාර්ගයේ පාපැදියෙන් ගමන් කුඩා දරුවකුගේ ඇඟේ වැදීමෙන් එම දරුවා මියගොස් ඇත.
පසුගිය 24 වන දා දහවල් සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ 13 හැවිරිදි මෙම සිසුවා පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දහවල් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගගන කාවින්ද ගුණතිලක නම් පාසල් සිසුවෙකි.
තම බාල සොහොයුරා සමඟපා පැදි දෙකකින් මෙම හබරලගහලන්ද ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ලක්ව ඇත.එම දොර සහිත කොටස ගැලවී යාමෙන් බාල සොහොයුරාට කිසිදු අනතුරක් සිදුව නොමැත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව වේරගම ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරු ඊයේ දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ.