බන්ධනාගාර රැඳවියෙකුට ගිනි අවියක් එල්ල කර සාපරාධී බිය වැදීමක් සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණයට පෙනී සිටි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අද දින ඇප ලබා දෙයි.
2021 වර්ෂයේදී අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රැඳවියෙකුට ගිනි අවියක් එල්ලකොට බියවැද්දීමක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අද දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා විසින් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග ලබාදී තිබේ.
එවකට බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් මීට වසර දෙකකට පෙර 2021 සැප්තැම්බර් මස 12 දින හෝ ආසන්න දිනක දී බන්දනාගාර දමිළ ජාතික රැඳවියෙකු වන පුබාර සිංහන් සූරිය පාලන් රැදවියා දෙසට ගිනි අවියක් එල්ලකොට වෙඩි තබා ඝාතනය කර දැමීමට හැකි බව පවසමින් සාපරාධී බිය වැටීමක් සිදු කර තර්ජනය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවක් සදහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේදී අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එතුමන් වෙනුවෙන් මෙම අධිකරණ නියෝගය ලබාදී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර තිබූ අතර පලමු වතාවට සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද විවෘත අධිකරණය වෙත පෙනී සිටියහ.
(ඉන්දික රංගජිව -අනුරාධපුරය )