(වසන්ත නිරෝෂන් -කොළඹ)
බෞද්ධ දර්ශනයට සහ ශ්‍රී ලංකා සංස්කෘතියට අපහාස වන ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අද(28) අළුයම ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුවයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ සිද්ධිය සම්බන්දයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අද දිනයේදී ඔවුන් ඉදිරිපත් කල වැඩසටහනේ මුල් පිටපත් ලබාගැනීමට නතාෂා එදිරිසුරිය තාවකාලිකව පදිංචි වී සිටින ගලකිස්ස ප්‍රදේශයේ නිවසකටද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඇය සමග ගොස් තිබෙනවා.