Politics

පාස්කු ප්‍රහාරයේ සත්‍ය ගෝඨාභයත් හැංගුවා. දැන් රනිලුත් හංගනවා අපි කෙසේ හෝ සත්‍ය හෙළිදරව් කර ගත යුතුයි - විපක්ෂ නායක

Monday, 18 September 2023 - 6:15 pm

රටේම ජනතාව ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින මොහොතක පාස්කු ප්‍රහාරය හා ඉන් උද්ගත වූ තත්ත්වය කිසිදු දේශපාලනීකරණයකට ලක් නොකොට පරම සත්‍ය සෙවීම විපක්ෂයේ අරමුණ බවත් රජය විසින් මෙහි කරුණු හා දත්ත සැගවීම තුළ විපක්ෂ නායකවරයා ලෙස තමා ද මෙහි නිවැරදි සත්‍ය කරුණු නොදන්නා හෙයින් විපක්ෂය ඉල්ලා සිටින්නේ ද මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි සත්‍ය සඟවනවා යනු එය අතේ ලේ තැවරුනු පුද්ගලයන්ගේ කුමන්ත්‍රණයක් බවට සැක මතුවන බවත් රජය ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වුවත් මෙහි සත්‍ය සැගවීම පමණක් සිදු කර ඇති හෙයින් දේශපාලන වාසි නොතකා කෙසේ හෝ මෙහි පරම සත්‍ය අනාවරණය කර ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (18) විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති හා මහමැතිවරණ ජනවරමේ දී පාස්කු ප්‍රහාරයේ සුළ මුල සොයා ඊට සම්බන්ධ සියලු දෙනා සොයා වරද සම්බන්ධ සියලු දෙනාට දඩුවම් දෙන බව පැවසූ නිසා 69 ලක්ෂයක ජන වරමක් ලැබුවත් ඔහු එම සත්‍ය නොසොයා මේ ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එම කටයුතුවලින් ඉවත් කළ බවත් පසුගිය කාලයේ සිදුවූ විවිධ ක්‍රියාකාරකම් දෙස බලන විට පෙනී යන්නේ සත්‍ය සොයනවාට වඩා සත්‍ය සැගවීම සිදු කර බවත් මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම සත්‍ය සොය යෑමේ වගකීම ද පැහැර හැර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම වත්මන් රජය සහ ජනාධිපතිවරයා ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කරමින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරමින් සිටින් බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාගේ කැමත්ත වන්නේ අවංක විශ්වාසනීය අපක්ෂපාතී දේශීය පරීක්ෂණයක් වුවත් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් දෙස බලන විට දේශීය පරීක්ෂණ සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් නොමැති බවත් එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තර පරීක්ෂනයකට යායුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු පිටපත පමණක් එළියට දුන්නත් දෙවැනි හා තෙවැනි පිටපත් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හෝ විපක්ෂ නායකවරයාට හෝ පරිශීලනය කිරීමට තහනම් බවත් පාර්ලිමේන්තු මහලේකම්ගේ අධීක්ෂණය යටතේ පමණක් එය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දීම තුළ මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද පවා උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම මේ ප්‍රහාරයෙන් විපතට පත් කතෝලික ජනතාව සහ කාදිනල් තුමා විසින් රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධ චැනල් ෆෝ වීඩියෝව පිළිබඳ සොයා බැලීමට පත්කිරීමට නියමිත නව කමිටුවට ද අප්‍රසාදය පළ කර ඇති බවත් මෙසේ නව කමිටු ස්ථාපිත කිරීමෙන් ද සිදු වන්නේ සත්‍ය වසන් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම මෙවැනි ප්‍රහාරයක් සිදු වීමට මෙරට ඇති සියලුම ආගම් හා ජාතීන්හි සිටින අන්තවාදීන් ද වගකිව යුතු බවත් මේ අන්තවාදීන් නිසා මෙරට ජාතික ආරක්ෂාව අහිමි වූ බවත් මෙම ප්‍රහාරයේ සත්‍ය සොයා නොගන්නා තුරු එය ද ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කරන බවත් එම නිසා ආගම් ජාති අතර ඇති අවිනිශ්චිතතාව හා සැකය දුරලීම සඳහා සත්‍ය අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT