Local

Watch : තාත්තයි දුවයි පාරේ වතුර වලකට වැටෙයි - 99න් දෙදෙනාගේ ජීවිත බේරෙයි

Tuesday, 19 September 2023 - 7:22 pm

පාසල් දැරියක් සහ පියෙක් ගමන් කළ යතුරුපැදියක් IDH ගොතටුව ප්‍රදේශයේදී කැණීම් කරපු අනාරක්ෂිත වලකට වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

යතුරු පැදියෙන් ගමන් කළ පියා සහ පාසල් දැරිය බේරා ගැනුණු අතර දැරිය IDH රෝහලටත් පසුව මහා රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

දියේ ගිලී තිබූ යතුරු පැදිය ගොඩ ගන්නා ආකාරයද සීසීටීවී දර්ශන වල සටහන්ව ඇති අතර මීට පෙර ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් එලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ගොතටුව ප්‍රදේශයේ සිදු කෙරෙන ජල නල එලීමේ ව්‍යාපෘතියට අයත් බටයක් අළුයම කාලේ පුපුරා යෑමයි මෙම වතුර වල සෑදී තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙවැනි අනාරක්ෂිත කැණීම් හේතුවෙන් මනුෂ්‍ය ජීවිත අහිමි වීමට හැකි බවත් මේවාට වගකිව යුතු පාර්ශව නිහඬව සිටින අතර ජල ප්‍රවාහන මණ්ඩලයේ නොසැලකිලිමත්කම මෙයට විශාලම හේතුව බවයි.

එමෙන්ම ලොරි රථ අනතුරෙන් පසුව මෙම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ද පැමිණ ඇති අතර මෙම ස්ථානයේ ආරක්ෂාවට කිසිදු පියවරක් නොගෙන එම ස්ථානයෙන් නික්ම යාමෙන් පසුවයි යතුරුපැදිය අනතුර සිදුව ඇත්තේ.

මේ අතර යතුරුපැදි අනතුරෙන් පසුව ජල ප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන්නේ පැයකටත් වඩා කාලයක් ගත වීමෙන් අනතුරුවයි.  

(කොළඹ නිරෝෂන්)


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT