පවුලේ අගහිඟකම් නිසා ඉකුත් ජනවාරි මස 18 දින සෞදි අරාබීයෙහි ගෘහ සේවයට ගිය බිරිඳ අසනීප තත්ත්වයෙන් සිටි බවත් අගෝස්තු 21 දින සිට ඇය පිළිබඳ තොරතුරක් නොමැති බවද තමා ද කිඹුලෙකුට හසුවි බරපතළ තුවාල ලබා එක්තැන්ව සිටින බැවින් පුංචි දියණියන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් තම බිරිඳ ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස වැලිගම එළුවාවල පදිංචි සජීත් කුමාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
'කොරලෙ ගෙවත්ත' ,එලුවාවල , දෙනිපිටිය පදිංචි සජිත් කුමාර වයස ( 36 )පමණ වන දෙදරු පියෙකු වන අතර ඔහු වෘත්තියෙන් පෙදරේරු( මේසන් බාස් ) කෙනෙකු ලෙස කටයුතු කරයි බිරිඳ හංසනී දිල්රුක්ෂි ( 33 ) වැඩිමහල් දියණිය බිනුෂි නටාෂා ( 5 ) බාල දියණිය යෙහන්සා මනුකී ( 3 ) පවුලේ සාමාජිකයෝ වෙති.
වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ රැකියාවට ලැබෙන ඉල්ලීම පහත වැටීම නිසා ඔවුන්ගේ ආදායම ද පහත වැටීමට ලක්වු බවත් ඒ තුළින් ආර්ථික ප්‍රශ්න රාශියකට පිළිතුරු සෙවීමට ඔවුන්ට සිදුව තිබේ.
ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග අතරින් හොඳම විසඳුම ලෙස ඔවුන් තෝරාගෙන තිබුණේ සිය බිරිඳ විදේශගත වීමටය එ සදහා අගනුවර ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් මගින් 2023.01.18 දින සිය බිරිඳ වන හංසනී දිල්රුක්ෂි සෞදි අරාබීයෙහි ගෘහ සෙවය සදහා විදේශ ගතව තිබේ.
එහිදී ඇය අසනීප තත්ත්වයට පත්ව සුව වී පසුව 2023.08 .02 වෙනත් ස්ථානයකට ගොස් කටයුතු කර තිබේ. අනතුරුව නැවතත් අසනීප තත්ත්වයට පත්ව 2023.08.21 එරට ඒජන්සිය වෙත බාරදී තිබුණා.
'අසනීප තත්ත්වය නිසා ලංකාවට එනවා කිව්ව බිරිඳ එදා සිට තොරතුරක් නෑ විදේශ සේවා එකට පැමිණිලි කළා නමුත් මේ දක්වා තොරතුරක් නෑ. සජිත් කුමාර කියා සිටිනවා. විදේශ රැකියා ආයතනයට කිවුවහම කියනවා ලක්ෂ දහයක් ඉල්ලනවා එයා ගෙනැවිත් දෙන්න .අනේ ඉතින් අපිට ලක්ෂ 10ක් තිබුණ නම් බිරිඳ රට යවන්නේ නෑ. අපි දැන් හරි අසරණයි. ඒ විතරක් නොවෙයි මම වැඩකට යන්න කියලා පසුගිය පසුගිය සැප්තැම්බර් 4 වැනි දින යන ගමන් මම ශරීර අවශ්‍යතාවයකට පොල්වත්ත ගඟ අසලට ගියා මම දැක්කා පොල් ගෙඩියක් තියෙනව ඒක ගන්න උත්සාහ කරද්දී කිඹුලෙක් ඇවිත් මම ඇදගෙන යන්න හැදුවා. මම දැඩි පරිශ්‍රමයක් දරා බේරුනාට මගේ පස්ස පැත්ත හොඳටම තුවාල වෙලා තියෙන්නෙ දැන් එක්තැන්ව ඇඳේ මුනින් අතට ඉන්නේ , බෙහෙත් වලට ලොකු වියදමක් දරන්න වෙලා, අගහිඟකම් එන්න එන්න වැඩි වෙලා.දරුවාගේ අධ්‍යාපන කටයුතුත් ඇණහිටලා.ජීවත්වෙන්න විදියකුත් නෑ අපිට උදව් කරන්න.මගේ අම්මා හොයාගන්න කීයක් හරි තමයි මගේ බෙහෙත් හේත් වලට වියදම් කරන්නේ.තියෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න බිරිඳ රට ගියාට එයාට වෙච්ච දෙයකුත් ගැන තොරතුරක් නෑ. මමත් එකතැන් වෙලා පුංචි දරුවො දෙන්නත් අසරණයි මට උදව් උපකාර කරන මගේ අම්මත් තාත්තත් පවුලේ ඥාතීන් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ එයාලටත් කර කියාගන්න දෙයක් නැතුව ඉතින් කිඹුලා කාපු තුවාල කවදා හොඳ වෙයිද කියලා කියන්නත් බැහැලු. මම හිටියත් නැතත් මගේ දරුවෝ දෙන්න වෙනුවෙන් මගේ බිරිඳ ලංකාවට ගෙනැවිත් දෙන්න උදව් කරන්න පින් ඇති නෝනා මහත්වරුනි, වැඳලා කියන්නම්'