ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (31) සිට ආරම්භවීමට නියමිතයි.
මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය අතිඋත්කර්ෂවත් අයුරින් අද පස්වරු 6.00ට අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවියන්, නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සමාරම්භක උළෙලට සහභාගිවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සමාරම්භක උළෙලෙන් අනතුරුව තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට නියමිතයි.
ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම සමගයි.
මූලික වටයේ තරග 70ක් පැවැත්වීමට නියමිත අතර, ඊට කණ්ඩායම් 10ක් ක්‍රීඩාකරනු ඇත.