තරුණයෙකුට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඇතුලු හය දෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සුසන්ත රංජන් රණසිංහ (36) නැමැති කුඩාවැව මහවැව ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි.
ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් පුතා ජපන් රටේ රැකියාවකට යවන බවට පවසා මුදලක් ලබගෙන වංචා කළ බව කියන සිද්ධියක් මුල්කරගෙන ඉහත තරුණයාට පහර දී ඝාතනය කර ඇති බවත් ඝාතනය ලක් වු තරුණයා ට පුද්ගලයන් විදේශ ගත කරන බවට පවසමින් මුදල් ලබාගෙන වංචා කිරීමේ චෝදනා රැසක් ඇති බවත්, මාදම්පේ, කටාන, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථාන වලට එම තරුණයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
ඉකුත් 11 දින සැකකරුවන්ට පිටකොටුව ප්‍රදේශයේ දී ඉහත තරුණයා හමුවී ඔවුන් සුක්ෂම ලෙස තරුණයාව මෝටර් රථයේ නංවාගෙන කටාන දාගොන්න අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පොල් ඉඩමක් වෙත රැගෙන ගොස් මුදල් ඉල්ලා ඔහුට අතින් පයින් හා පොලුවලින් පහර දී ඇති බවද පොලිසිය පවසනවා.