හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සමරුම් උත්සවය අද (17) පස්වරුවේ කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සිදු කළේය.
එහිදී අදහස් දැක් වූ හිටපු කථානායක කරු ජයසුරිය,
නිර්පාක්ෂික පුද්ගලයෙක් වශයෙන් අද මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා.
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කළ යුතුයි කියන මතය ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළා. එම ආයතන නැවත සංශෝධනය කළ යුතුයි යන්න එතුමාගේ දර්ශනය වී තිබුණා. ඒ වගේම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන එකට එක්ව වැඩ කළ යුතුයි කියන මතය එතුමා තුළ තිබුණා.ඒ තුළින් රටේ තරුණ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම එතුමාගේ අරමුණ වුණා. අද චීනය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වී තිබෙන්නේ මෙම හවුල්කාරී ව්‍යාපාර නිසා.
යම් කාලවලදී මෙරට පාලකයන් පත් කරනටත්, ඉවත් කරන්නටත් විධායක ජනාධිපති ක්‍රමයට හැකියාව ලැබුණා. ජයවර්ධන මැතිතුමා යම් තීන්දුවක් ගත්තා නම් එම තීන්දුව වෙනස් කරන්නේ නැහැ. එසේ වෙනස් කළා නම් එය සිදු කළේ ජනතාවාදී පාලනයක් ඇති කිරීම සඳහා පමණයි.
ජපානයේ ජනතාව අදද ජේ.ආර්. ජයවර්ධන මහතාට ගරු කරනවා. එදා එතුමා ජපානය වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ පෙනී සිටියා.
එතුමාගේ රාජ්‍ය පාලනයේ දී එතුමා සමඟ හොඳ තරුණ කණ්ඩායමක් සිටියා. එතුමා තරුණයන්ට අවස්ථාවක්, මෙන්ම බලයක් ලබා දුන්නා.
ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවත් ඇති කිරීමට කටයුතු කළ නායකයෙක්.
ජයවර්ධන මැතිතුමා සතුව උසස් නායකත්ව ලක්ෂණ තිබුණා. එබැවින් වත්මන් දේශපාලන නායකයන්ට එතුමාගේ චරිතය මනා ආදර්ශයක් බව කිවයුතුයි.
ජේ.ආර්. ජයවර්ධන මහතා ජනතාව වෙනුවෙන් සේවය කළත් කිසිවිටෙක ප්‍රසිද්ධිය බලාපොරොත්තු වුණේ නැහැ. කොළඹ ක්‍රමයේ මහ මොළකරු වුණෙත් එතුමායි.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සහ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමාගේ පාලන කාලය තුළ සුවිශේෂී වැඩකොටසක් සිදු වූ අතර ජල විදුලි බලාගාර ඇති කිරීම ඇතුළු සේවා රැසක් එතුමාගේ පාලන කාලය තුළ සිදු වුණා.
එසේම එතුමා විදෙස් රටවල් සමග පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා රටට ඉතා වැදගත් වුණා. එතුමා ලෝකයේ විවිධ රටවල් සමඟ වෙළඳ සබඳතා පුළුල් කර ගත්තා. කොළඹ ක්‍රමය තුළින් එම වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වු බව කිවයුතුයි.
කීර්තිමත් නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටට කළ සේවය පිළිබඳ අප ප්‍රණාමය පුද කර සිටිනවා.