Local

Watch: අනුරපුරේ පාසල් ප්‍රවාහන සේවා බස්රථ 106 කින් බස් හැට පහක් තහනම් කරයි 

Thursday, 25 May 2023 - 3:31 pm

(ඉන්දික රංගජීව- අනුරාධපුරය) 

පාසල් ප්‍රවාහන සේවාවට නුසුදුසු බස්රථ සහ වෑන්රථ සොයා ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ  අනුරාධපුර නිලධාරීන් සහ අනුරාධපුර පොලිස් රථ වාහන අංශය නිලධාරීන් එක්ව අද පෙරවරුවේදී මෙහෙයුමක් දියත් කළා.

අනුරාධපුර නගරයේ පාසල් වලට පැමිණෙන දරුවන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ පවතී ද යන්න පිළිබඳව සොයා බැලීමට අද දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙහිදී ඇතැම් බස් රථ වල සවි කර තිබු එම බස් රථවල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන් ලෙස පැවති අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයට නුසුදුසු තත්වයේ කාර්මික දෝෂ පැවැති බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමටත් කටයුතු කෙරිණි.

එම පුද්ගලයින් සඳහා එම බස් රථ අලුත්වැඩියා කර දින දහ හතරක් ඇතුළත දී නැවත පොලිස් නිලධාරීන්ගේ හා මෝටර් රථ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට උපදෙස් ලබා දීමට ද එම මෙහෙයුමට එක්වු  නිලධාරීන් එම රියදුරන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

මධු දිනයේදී මෙම නිලධාරීන් විසින්  සියයකට ආසන්නව  පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර ඉන් බස්රථ තිස් හයක් සඳහා සුළු වැරදි වෙනුවෙන් උපදෙස් ලබා ලබාදී තිබෙන අතර පාසල් දරුවන් ප්‍රවාහනයට නුසුදුසු තත්වයේ පැවති බස්රථ 65 ක් සඳහා තහනම් නියෝග ලබා දුන් බව අනුරාධපුර පොලිස් රථවාහන අංශ නිළධාරින් පවසයි.


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT