Local

Watch: ලැඟුම් හලින් වැටී අබිරහස් ලෙස මිය ගිය කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවෝ සිව්දෙනා යලි අධ්කරණයට 

Friday, 26 May 2023 - 11:49 am

(සම්පත් කුලරත්න -කළුතර) 

කළුතර නගරයේ  ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.

සැකකරුවන්ට එල්ලවී ඇති චෝදනා අනුව කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමාලී හාල්පන්දෙනිය මහත්මිය අද (26) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබූණි.
 
දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන දෙවන සැකකරු වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයා, තුන්වන සැකකරු වන කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි  19 හැව්රිදි තරුණිය සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන 4 වන සැකකරු වන  බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි පුද්ගලයකු මෙසේ අධිකරණයට රැගෙන එන ලදී .

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ ඉකුත් 6 දා රාත්‍රි  වැටී මියගොස් සිටී සොයාගන්නා ලද කළුතර, නාගොඩ , සැනසුම 115 නිවසේ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුවන්ට චෝදනා එල්ලවී රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙ.

අපරාධය සම්බන්දයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ නිළධාරීන් ද කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට පැමිණ සිටී අයුරු දැකගත හැකිවිය .


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT