Local

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

Saturday, 27 May 2023 - 8:16 pm

(තරංග ගුණරත්න -වැලිගම) 

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා බරපතළ තුවාල ලැබූ තරුණියක් අද (27)  මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය පවසනවා.

වැලිගම පොලිස් වසමෙ  මදුරාගොඩ ප්‍රදේශයේ  පදිංචි තරුණියකගේ  විවාහය උත්සවය අද (27 ) දින  පෙරවරුවේදී සිට අති උත්කර්ෂවත් අන්දමින් ගාල්ල ප්‍රදේශයේදී  පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඇයගේ නිවසේ සම්පාදනය වෙමින් පැවති බව සදහන්.

අද අළුයම 3:00 පමණ තරුණියගේ නිවසට පැමිණි පුද්ගලයකු විසින් විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. ප්‍රහාරයට ලක් වූ මනමාලිය කඩිනමින්  රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රහාරයට ලක් වූ තරුණිය වසර කිහිපයකට ඉහතදී   වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි (31 ) තරුණයකු සමග  ප්‍රේම සබඳතාවයක් පැවැති බවත් පසුව තරුණියගේ දෙමව්පියන්ගේ උපදෙස් මත එම සම්බන්ධතාවය නවතා දැමීමට තරුණිය  කටයුතු කර තිබේ.
කෙසේ නමුත් එයට පලිගැනීමක් වශයෙන්  විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටී මනාලියට පැරණි පෙම්වතා බව කියන පුද්ගලයා විසින්  මෙම  ඇසිඩ් ප්‍රහාරය එල්ල කොට ඇති බව අනාවරණය වි ඇතැයි සදහන්.
මෙම අපරාධයට සම්බන්ධ සැකකරු  හඳුනාගෙන ඇති බවත් ඔහු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට  අවශ්‍ය කටයුතු යොදා ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ඩි එම් අබෙිසේකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT