අයිෆෝන් භාවිත කරන පාරිභෝගිකයින්ට වට්ස්ඇප් භාවිත කිරීමේ දී නව විශේෂාංගයක් මෙටා සමාගම විසින් හඳුන්වා දී ඇත.
වාබේටඉන්ෆො (WaBetaInfo) හි වාර්තාවකට අනුව අයි.ඕ.එස් (IOS) 23.5.77 යාවත්කාලීන කිරීම මගින් මෙම වට්ස්ඇප් විශේෂාංගය ලබා ගැනීමේ හැකියාව පවතී.
මෙම වට්සැප් විශේෂාංගය ඇපල් ඇප් ස්ටෝර් ( Apple App Store) හි ඇති බවත් එයින් බාගත කරගන්නා ලෙසත් මෙටා සමාගම නිවේදනය කර ඇත.
මෙම විශේෂාංගය හරහා හඬ සටහනක් පටිගත කිරීමට අමතරව එය බෙදාගැනීමේ අවස්ථාව පුළුල් කර ඇති අතර මෙම විශේෂාංගය මගින් බෙදාගත් ඡායාරූප ආදිය උපුටා ගැනීමට ද පරිශීලකයින්ට හැකියාව ලැබේ.