Local

හතරලියද්ද රෝහලේ ත්‍රිපෝෂ හොරු සොයා පරීක්ෂණ

Monday, 18 September 2023 - 5:29 pm

ගැබිණි මව්වරුන්ට මෙන්ම මද පෝෂණයෙන් යුත් ළදරුවන්ට සහ අඩුබර ළමයින්ට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට නිකුත් කර තිබූ ත්‍රිපෝෂ තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා හතරලියද්ද පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධියට අදාළව රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 10 දෙනෙකු ගෙන පමණ පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇත. මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා විසින්ද කණ්ඩායමක් පත්කරනු ලැබ තිබේ. 

මෙම ත්‍රිපෝෂ සොරකමට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගේ හෝ කිහිප දෙනෙකුගේ සහය හිමිව ඇත්ද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව ඇත. ත්‍රිපෝෂ ලබා ගැනීම සඳහා මව්වරුන් පැමිණි අවස්ථාවේ ත්‍රිපෝෂ තොගය අතුරුදන් වී ඇති බව හෙළිව තිබේ.

ත්‍රිපෝෂ ගබඩා කර තිබූ කාමරයට පිටස්තර පුද්ගලයෙකු ඇතුළු වූ බවට කිසිදු සාක්කියක් නොමැති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හතරලියද්ද පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

(කේ.එල්. සුරවීර මහනුවර)    


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT