පොලිසිය සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි.
අනන්‍යතාවය තහවුරු කර නොගෙන පරීක්‍ෂා කිරීම් සඳහා අවසර ලබා නොදෙන ලෙසයි පොලිස් මුලස්ථානය ජනතාවට දැනුම් දී ඇත්තේ.
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයන්හි නිලධාරින් හැර අන් කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරින් විසින් එසේ සිවිල් ඇඳුමින් පරීක්ෂා කිරීම් සිදු නොකරන බව පොලිසිය අවධාරණය කර ඇත.