Entertainment

සචින්තනියි මමයි ගැන හිතලා කලබල වෙන්න එපා

Saturday, 01 April 2023 - 1:15 pm

සචිත්‍ර යශ්මින්ද වීරසිංහ. අපි මෙවර ‘පිනිපලස’ පිළිසඳර හැඩ කරන්න ආරාධනා කළේ ඔහුට. ඒ නම හුරුපුරුදු පිරිසක් වගේම නුහුරු නුපුරුදු පිරිසකුත් ඉන්නවා ඇති. ඒත් නමින් සචිත්‍ර යශ්මින්ද වීරසිංහව නොහඳුනන පිරිස පවා ‘රෙදිමෝල වත්තේ අනා’ කිව්වාම දන්නවා. ඒ වගේම දෙරණ ටීවී ‘අපි එක රැහේ’ නාට්‍යයෙනුත් ඔහුව මුණගැහෙනවා. මේ හැම දේ ගැනම කතා කරන්න අපි යශ්මින්දට ආරාධනා කළා....

 

‘යශ්, සචිත්‍ර, දෙවෙනි, අනා’ මේ නම්වලින් මොන නමද තෝරගන්නේ...

 

එක එක්කෙනා මට එක එක විදිහට කතා කරනවා. සචිත්‍ර කියනවා, යශ් කියනවා, දෙවැනි කියනවා, රෙදිමෝල වත්තේ අනා කියනවා. මම රඟපාලා තියෙන සමහර චරිතවල නම් වලිනුත් ප්‍රේක්ෂකයන් මට කතා කරන අවස්ථාවන් තියෙනවා. මේ දවස්වල නම් වැඩිපුරම රෙදිමෝල වත්තේ අනා කියලා තමයි කියන්නේ. මට ආදරේ කරන මගේ නිර්මාණ රසවිඳින ප්‍රේක්ෂකයන් එක එක නම්වලින් මට කතා කරනවා. ඔයාලටත් කැමැති නමකින් මට කතා කරන්න පුළුවන්.

 

යශ් වඩාත් ජනප්‍රිය වුණේ අනාගේ චරිතය නිසා නේද?

 

මට හිතෙන විදියට අනාගේ චරිතය කියන්නේ කපටි චරිතයක්. කතාවේදී වුණත් හැම පැත්තකින්ම ප්‍රේක්ෂකයන් අල්ලගන්න හැකියාව අනාගේ චරිතයට තියෙනවා. ඒ වගේ චරිතයක් කරන මට මිනිසුන්ගේ ආදරය අසීමිතව ලැබෙනවා කියලා කියන්නේ මම ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා මම හිතනවා.

 

මේ දවස්වල අතිශයින් කාර්යබහුල වෙලා කියලා තමයි අපිට නම් දැනගන්න ලැබුණේ....

 

මේ දවස්වල දෙරණ නාළිකාවේ අලුතෙන් විකාශය වන ‘අපි එක රෑනේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම සුපුරුදු පරිදි කියාදෙන්න ආදරේ තරම්, බයෝ ටෙලි නාට්‍යයවල රූගත කිරීම් සිදු වෙනවා. ඒ රූගත කිරීම්වලට සහභාගි වෙන අතරේම හඬකැවීම් කටයුතුත් කරනවා. ඒ අතර music videoවල රංගන කටයුතුත් සිදු වෙනවා. ප්‍රසංග සඳහාත් සහභාගි වෙනවා. ඒ ඒ වගේම තව ටෙලි නාට්‍ය කිහිපයකටත් චිත්‍රපට දෙකක් සඳහාත් මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා.

 

දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වෙන අපි එක රෑනේ ටෙලි නාට්‍යයෙන් ඔබව ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන්නේ මින් පෙර නොදුටු වෙනස්ම චරිතයකින්...

 

එක රෑනෙ අපි කියලා කියන්නේ සෙල්ලක්කාර තරුණ විසේ හොඳටම තියෙන, හුරතල් කුපාඩි වැඩ කරන කොල්ලො හතර දෙනෙක්ගේ කතාවක්. මේක ටිකක් වෙනස් නිර්මාණයක්. මීට පෙර මම රංගනයේ යෙදුණු චරිතවලට වඩා මේ ටෙලි නාට්‍යයේදී මගේ චරිතය හාත්පසින්ම වෙනස්. මේ ටෙලි නාට්‍යයේ මගේ චරිතය මම මීට පෙර රංගනයේ යෙදුණු චරිත සමග සංසන්දනය කරන්න එපා කියලා මම ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

 

හඬකැවීම් ශිල්පියෙක් හැටියට නේද කලාව ආරම්භ කරන්නේ...

 

මම කලා ක්ෂේත්‍රයට ප්‍රවේශ වුණේ හඬ කැවීම් ශිල්පියෙක් හැටියට 2015 වසරේදී. මගේ කලා ජීවිතය ආරම්භ කරන්න ශක්තියක් වුණේ මගේ ලොකු අම්මා (ගීතා කාන්ති ජයකොඩි) ඇය තමයි හඬ පරීක්ෂණ සහ තිර පරීක්ෂණවලට මාව යොමු කළේ. ඒ විදියට හඬකැවීම්වලට සහ සුළු චරිතවලට සහභාගි වෙලා අත්දැකීම් ලබාගෙන අද වෙද්දි මම යම් ගමනක් ඇවිල්ලා තියෙනවා.

 

අනා දිගැසි එකතු වෙනවා නම් හොඳයි කියලා තමයි ප්‍රේක්ෂකයන් නම් කියන්නේ?

 

අනාට දිගැසි සෙට් වුණා නම් හොඳයි කියලා හැමෝම කියනවා. ඉදිරියේදී අනා දිගැසි ආදර කතාව පටන් ගනීවි කියලත් ප්‍රේක්ෂකයන් කියනවා. සමාජ මාධ්‍ය තුළත් ඒ ගැන බොහෝ දේවල් හුවමාරු වෙනවා. කොහොම වුණත් මහේෂ් අයියා අතේ තමයි ඒ තීරණය තියෙන්නේ. අනාට දිගැසිට ඉදිරියේදී මොනවා වෙයිද කියලා අපි බලාගෙන ඉමු.

 

ඇත්ත ජීවිතයේදීත් යශ්ට ගැළපෙන්නේ සචින්තනී කියලා තමයි ඔබට ආදරය කරන බොහෝ දෙනෙක් කියන්නේ...

 

ටෙලි නාට්‍යවල රඟපාද්දී නළු නිළියන් ගැන ඒ වගේ කතා පැතිරෙන එක සාමාන්‍ය දෙයක්. සචින්තනී සහ මම ගැනත් මේ දවස්වල කතාවක් පැතිරෙනවා. ඒක ඒ තරම් ගණන් ගන්න දෙයක්වත් කලබල වෙන්න දෙයක්වත් නෙමෙයි. ඒක බොහොම සාමාන්‍ය සිදුවීමක් විතරයි.

 

යශ්ගේ ආදර කතාව ගැන කියන්න තවත් පරක්කු වෙන්නේ ඇයි?

 

මට ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් ආදරය කරනවා. මම ඔවුන්ගේ ආදරය විඳිනවා. ආදරණීයයන්ගේ ආදරය සහ ආශිර්වාදය මැද කලා කටයුතුවල නිරත වෙනවා. කිසිම දේකට මට හදිසියක් නෑ. හැමදාම කියනවා වගේ මම මගේ පාඩුවේ හදිසි නොවී හෙමින් ගමනක් යනවා.

 

සචින්තනීගෙන් කම්මුල් පාරක් කන්න වෙන විදිහේ මියුසික් වීඩියෝවලට ආයෙත් ආරාධනා ලැබුණේ නැද්ද?

 

මීට කාලෙකට කලින් දිල්කි උරේෂාගේ ගීතයක මියුසික් වීඩියෝ එකේදි තමයි සචින්තනීගෙන් කම්මුල් පාරක් කෑවේ. ඒ මියුසික් වීඩියෝ එක ගොඩාක් ජනප්‍රිය වුණා. හොඳ ප්‍රතිචාර තිබුණා.

 

 සචින්තනී සහ මම රංගනයෙන් දායක වන තවත් මියුසික් වීඩියෝ එකක් එන්න තියනවා. ඒ වගේම මේ අප්‍රේල් පස්වැනිදා අපි තවත් අලුත් වැඩක් කරනවා. ඒක ටිකක් ලොකු වැඩක්. ඒ වැඩේ කාගෙද, මොන වගේද කියලා ඉක්මනින්ම ප්‍රේක්ෂකයන්ට කියන්නම්. දැනට අපි ඒ ගැන මීට වඩා දෙයක් නොකියා ඉමු.

 

කවදාහරි මේ විදිහේ චරිතයක් ලැබුණොත් හොඳයි කියලා හිතෙන චරිතයක් ගැන ඔබට හීනයක් තියෙනවද?

 

මම අභියෝග භාර ගන්න පුදුම විදිහට කැමැති කෙනෙක්. රංගනය ඇතුළේ පෙම්වතාගේ චරිතයම ලැබිය යුතුයි කියලා මම හිතන්නේ නැහැ. හිඟන්නෙක් වුණත් ප්‍රේමවන්තයෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් ආච්චි කෙනෙක් වුණත් ඒ චරිතය මට කරන්න පුළුවන් නම් ඒ චරිතය හොඳයි නම් මම ඒ අභියෝගය අනිවාර්යෙන්ම භාර ගන්නවා. 

 

 

 


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT