ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ජය ශ්‍රී අයියා මලෝ කාලෙන් කාලෙට මෙරට සංගීත ක්ෂේත්‍රයට අලුත් අත්දැකීම් එක්කරනවා. පහුගිය දවසක මේ දෙන්නා ඩයමන්ඩ් එකක් හොයන්න රට වටේ ඇවිදපු ගිය බවට වුණු කතා සමාජ මාධ්‍ය පුරා පැතිරෙන්න ගත්තා.
මේ ගමන ගැන ජය ශ්‍රී රොහාන් නම් කියන්නේ ‘බඩු සැරයි - සැප ගොඩයි’ කියලා.
හැබැයි, රොහාන් කියන මේ බඩු මොනවද කියන එක ගැන නම් තවමත් හෙළිදරව් වෙලා නැහැ. ජය ශ්‍රී ලා දැන් පිටරට බඩු ප්‍රමෝට් කරනව ද, නැත්නම් දියමන්ති බිස්නස් එකක් වත් කරනවද, ඒත්, නැත්නම්, ටුවරිසම් ප්‍රමෝෂන් එකකට වත් අතගහලද ? කියන සැකය මේ කතා ඇහුවම මතුවෙනවා.
මේ ගැන අහද්දී රෝහිත නම් කිව්වේ, ‘දැන් රුවිතයක් එන්න යන්නේ. ඒ කියන්නේ ඩයමන්ඩ් එකක්. ක්ෂේත්‍රයේ ඉන්න හොඳම වැඩ්ඩෝ ටිකක් එකතු වෙලා, ගොඩක් මහන්සිවෙලා අලුත් වැඩක් කරගෙන යනවා’ කියලයි.
යාපනය වගේම ලංකාවේ ආකර්ශණීය හා සුන්දර තැන් ගණනාවකදී මේ අලුත් ව්‍යාපෘතියට අදාළ කටයුතු කෙරුණු බව ජය ශ්‍රී ලා අපිත් එක්ක කිව්වා. මේ කටයුත්තේදී කිසිම ජාති ආගම් භේදයක් නැතුව හැමදෙනාම උදව් කරපු බව කියන්නත් ජය ශ්‍රී අමතක කළේ නැහැ.
රෝහිත කියන විදියට සැරට තියෙන මේ ඩයමන්ඩ් එක මොකක්ද කියලා නුදුරේදීම දැකගන්න ලැබෙයි.