ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීම අද බොරැල්ල කනත්තේදී සිදු කලේ අධිකරණ නියෝගයකට අනුවයි. එම දේහය ගොඩ ගැනීම විවෘතව සිදුකරන ලෙසට අධිකරණය දැනුම් දී තිබයදීත් පොලිසිය මාධ්‍යයට අවහරකරමින් සිරුර ගොඩ ගැනීම් සිදුකළා.
එම ස්ථානයට මාධ්‍යවේදීන්ට යාමට ඉඩ නොදී මාධ්‍ය කටයුතුවලට පොලිසිය බාධ කර තිබෙනවා. ඒ සිරුර ගොඩගැනීම රහසිගතව සිදුකරන ලෙස පවුලේ ඥාතීන් කර තිබු ඉල්ලීම අධිකරණය ඉවත දැමු පසුබිමකයි.
මෙම මරණයට අදාළව විශාල කැපකිරීමක් සිදුකළ අධිකරණය එය ස්වාධීනව කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් එයට බලපෑම් එල්ල කිරීමට තමන් අකමැති බවත් සදහන් කළ මහේස්ත්‍රාත්වරිය, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර අද (25) පෙරවරු 8.30 වන විට දේහය ගොඩගන්නා ස්ථානයට පැමිණෙන ලෙසට පවුලේ ඥාතීන්ට නියෝග කළාය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම කටයුත්ත මේ වන විටත් සිදු කෙරෙයි.