' මෝඩාභිමානය ' නැමැති වීඩියෝ වැඩසටහනක් හරහා බෞද්ධ ආආගමට අපහාස කල බවට චෝදනා එල්ල වු ජයනි නටාෂා එදිරිසූරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අ අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මේ වනවිට මෙම කාන්තාව කොළඹ , නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .