
ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම (E A P Broadcasting Company Limited) විසින් "ජීවිතේට කෝටියක්" වැඩසටහන සම්බන්ධයෙන් සංසරණය වන චෝදනා පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ, අදාළ ප්‍රකාශ අසත්‍ය සහ නොමඟ යවන සුළු ඒවා බව පෙන්වා දෙමින්.
"ජීවිතේට කෝටියක්" වැඩසටහන නිෂ්පාදනය කර ඇත්තේ අදාළ සියලුම නීතිමය, ගිවිසුම්ගත සහ අදාළ ප්‍රමිතීන්ට අනුකූලව වන බවයි එහි වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ.
ඒ අනුව E A P විකාශන සමාගම විසින් කිසිදු උල්ලංඝනයක් හෝ අනිසි භාවිතයක් සිදුකර නොමැති බවත් අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම ආයතනයේ සියලු විකාශන කටයුතුවලදී විනිවිදභාවය සහ වෘත්තීයභාවය ඉදිරියටත් පවත්ගෙන යනු ලබන බවත් එම නිවේදනයේ සඳහන්.